අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට එරෙහිව බ්‍රිතාන්‍යය මුස්ලිම් කවුන්සිලය නීති මඟට

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 ආසාදිත මළසිරුරු ‘බලහත්කාරයෙන් ආදාහනය’ කරන බව පවසමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය (එම්සීබී) පියවර ගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය එහි දැවැන්තම මුස්ලිම් ජාතිකයන්ගේ ජාලය වන අතර ඊට මුස්ලිම් දේවස්ථාන, සුබසාධන සංවිධාන, විවිධ ආයතන ආදි 500ක පමණ ජාලයක් පවතී.

නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් දැනට කරගෙන යනු ලබන ‘බලහත්කාරයෙන් ආදාහනය’ කිරීමේ ප්‍රතිපත්තියට දින 20 ක් වයසැති බිළිඳෙකු සහ මුස්ලිම්වරුන් 100 කට වැඩි පිරිසක් ඇතුළත් වී ඇති බවයි.

මේ සඳහා බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහකාර මහලේකම් සාරා මොහොමඩ්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන, නීතිඥයින්, විශේෂඥ වෛද්‍යවරුන් සහ ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ‘බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ’ ප්‍රතිපත්තිය වහාම ආපසු හරවන ලෙසත්, මුස්ලිම් හා ක්‍රිස්තියානි ප්‍රජාවන්ට එහි බලපෑම ඉස්මතු කරන ලෙසත් ඉල්ලා සිටිමින් එම කාර්ය සාධක බලකාය විදේශ ලේකම් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වෙත ලිපියක් යවා තිබේ.

ලන්ඩනයේ ප්‍රමුඛ පෙළේ නීති සමාගමක් වන බින්ඩ්මන්ස් එල්එල්පී හි හවුල්කරු ටයාබ් අලි මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම සුළුතර කණ්ඩායමකගේ ආගමික නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. පවුලේ සාමාජිකයෙකුගේ දේහය නියමිත වේලාවට භූමදානය කිරීම සඳහා ප්‍රමාද කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා බලධාරීන් කිසිදු සාධාරණීකරණයකින් තොරව කොරෝනා වෛරස් වසංගතය අතරතුර මළ සිරුරක් ආරක්ෂිතව කළමනාකරණය කිරීම සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයෙන් ඉවත් වී ඇත. ඊට අමතරව, මියගිය අයගේ පවුලේ සාමාජිකයන් විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කඩිනමින් හා අසාධාරණ ලෙස බැහැර කිරීම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුලුතරයට දිගින් දිගටම හිංසා පීඩා කිරීම ලෙස සමහරු විස්තර කර ඇති අතර ඊට දේශීය වශයෙන් තවමත් පිළියමක් නොමැත. මෙම කාරණය විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ හදිසි අවධානයට යොමු කිරීමට අපි දැන් සූදානම් වෙමු.” යනුවෙන් නිවේදනයේ සඳහන් ය.

මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම නතර කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග MCB කාර්ය සාධක බලකාය විසින් අනුගමනය කරනු ඇති අතර ඔවුන්ගේ මියගිය අය ගෞරවාන්විතව භූමදාන කිරීමට පවුල්වලට ඒ අනුව ඉඩ දෙනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවක් නාකොටික් අත් අඩංගුවට

Next Post

යතුරුපැදිය නැවැත්වූ සැරයන්වරයාට පිහියෙන් ඇණ පලා ගිහින්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.