ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය ලබා දීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන ප්‍රධානීන්ගේ හමුවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිවසේදී ඊයේ (08) රාත්‍රි පැවැති අතර එහිදී 20වැනි සංශෝධනය පිළිබඳව දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද 20 වැනි සංශෝධන කෙටුම්පතේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කර ඒවා සංශෝධනය කිරීමට අදාළ පක්ෂ ස්ථාවරය දැනුම් දීමටද තීරණය වී ඇත.


කෙසේ වුවද මෙම තීරණ පිළිබඳව යළිත් වතාවක් මධ්‍යම කාරක සභාව කැඳවා සාකච්ඡා කළ යුතු බවටද තීරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ඊයේ රාත්‍රි ගත් තීරණ අතර ඉදිරි පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සහ පුරප්පාඩුව ඇති ආසන සංවිධායක ධුර කඩිනමින් පිරවීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය ද සාකච්ඡා කර ඇත.

Exit mobile version