ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ ප්‍රමාණය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ඉල්ලා සිටිමින් මෙරට ප්‍රධාන සිවිල් සංවිධාන 62ක් සහ ප්‍රමුඛතම සිවිල් ක්‍රියාකාරීන් 61 දෙනෙක් සිය අත්සන් සහිතව කතා නායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මාධ්‍ය, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සන්ධානය ලෙස ඒකාබද්ධ වී නිවේදනයක් නිකුත් කරන ඔවුහු අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත(OSB), සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු මුලින්ම කථානායකවරයා වෙත දන්වා සිටිති.
ඔවුන් පවසන්නේ මෙම පනත් කෙටුම්පත, කිසිදු පාර්ශවකරුවෙකු සමග සාකච්ඡාවකින් තොරව, ඉතා හදිසියේ, ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශද නොසලකා, පසුගිය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත් එකක් බවය.
ඒ පිළිබඳව, ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය හිමි පුරවැසියන් ලෙස තමන්ගේ අත්සන් සහිතව දැඩි විරෝධය පළ කරන බවත් එම සංවිධානය කථානායකවරයාට දන්වයි.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එය අනුමත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන පවා එයට නිසි ලෙස අන්තර්ගත කිරීමකින් තොරව බව විපක්ෂයේ මන්ත්‍රීවරු මේ වනවිට පැහැදිලිව පෙන්වා දී ඇතැයි ඔවුහු අවධාරණය කරත.
පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාගත පෙත්සම් 52 ක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග සහ සංශෝධන (නිකුත්) යෝජනා ඉදිරිපත් කර ඇති බැවින් එම සංශෝධන නිසි ලෙස ඇතුළත්ව ඇතිදැයි තහවුරු කර නොගෙන මෙම පනත් කෙටුම්පතට අත්සන් නොකරන ලෙස පුරවැසියන් ලෙස තමන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සන්ධානය ලිඛිතව දන්වා සිටී.
එම ලිපිය පහත දැක්වේ.