බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් Kookaburra එක්ක රහසින් ඩීල් එකක් දාල ද?

by editor
ඔක්තෝබර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ – දිලංගා ගෝමස් –

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ එළැඹ තිබූ වාර්ෂික ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා නිල ලාංඡනය සහිත ගමන්මලු පමණක් ක්‍රීඩකයින් විසින් භාවිතා කළ යුතුව තිබිය දී , ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව කිසිදු ලාංඡනයක් හෝ ප්‍රචාරණ දැන්වීමක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩකයන් භාවිතා කරන ඇඳුම්වල හා ගමන් මළුවල වෙළෙඳ ලකුණු ප්‍රදර්ශනය නොකළ යුතුව පවතිද්දී, ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ සිදුකළ 20යි විස්ස ලෝක ශූරතා තරගාවලියේ දී ‍ Kookaburra ලාංඡනය සහිත ක්‍රීඩා බෑග් මිලදී ගෙන ක්‍රීඩකයින්ට ලබා දීම පිළිබඳ හෙළි නොවුන ගනුදෙනුවක් පවතින්නේද යන්න සැකයට තුඩු දී තිබේ.

වර්ෂ 2022 දී පැවති T-20 ලෝක කුසලාන තරගාවලියට අදාළව විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ගෙන් බැහැර මෙම මිලදී ගැනීම සිදුකර ඇති බව මෙම තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානි විසින් ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන සහිත නිල මුද්‍රාව තැබූ 2022 සැප්තැම්බර් 19 දිනැති ලිපියක් මගින් තරග සංචාරය සඳහා කණ්ඩායම් කළමනාකරු වෙත ලබාදිය හැකි උපරිම සීමාව සහිත ණය කාඩ් පතක් නිකුත් කරන ලෙස ගණකාධිකාරීවරයා වෙත දන්වා තිබුණද මීට පෙර තරග සංචාරයන් සඳහා කළමනාකරුගේ පුද්ගලික නමින් කළමනාකරු වෙත ලබාදී තිබූ ලංකා බැංකු සංචාරක හර කාඩ් පතෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ඇමරිකානු ඩොලර් 6,223.74 ක භාවිතා නොකල ශේෂයක් ඉතිරිව තිබියදීත් ඒ පිළිබඳ අවධානය යොමු නොකර නැවත ඇමරිකානු ඩොලර් 10,000ක් සංචාරක කාඩ් පතට ප්‍රේරණය කිරීමට කටයුතු කර තිබුණු අතර ඉතිරි ඇමරිකානු ඩොලර් 2,000ක් මුදලින්ද ලබාදී තිබුණි.
ඔස්ට්‍රේලියාවේ තරග සංචාරය අතරතුරදී අදාළ සංචාරක කාඩ් පත භාවිතා කරමින් ඇමරිකානු ඩොලර් 4,581.69 ක් වැයකරමින් රුපියල් 1,679,614 ක් වටිනා ක්‍රිකට් ආම්පන්න බහාලන ගමන් මළු (Kit Bag) 30 ක් මිලදී ගැනීමට කටයුතු කර ඇත.

2022 වර්ෂයේ සැප්තැම්බර් 11 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එක් බෑගයක මිල ඇමෙරිකානු ඩොලර් 76 ක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ලාංඡනය සහිත ගමන්මලු (Kit Bag) 30 ක් මිලදී ගෙන ඉන් සංචාරක ගමන්මලු (Kit Bag) 20 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර අවශ්‍යතාවයට අනුව ක්‍රීඩකයින් හා සහය කාර්ය මණ්ඩලය වෙත නිකුත් කර තිබියදීත් , ශ්‍රී ‍ ලංකා ක්‍රිකට් ආයතනයේ ගබඩා භාරකරු සතුව තවත් ගමන් මලු 24 ක් ඉතිරිව තිබියදීත් වැඩි මුදලකට නැවත මෙම ගමන් මළු මිලදී ගෙන තිබේ.

නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසන් වරට මිලදීගෙන තිබූ (kit bag) එකක මිල ඇමෙරිකානු ඩොලර් 76 ක් වී තිබුණද ‍ ඕස්ට්‍රේලියාවේදී මිලදීගෙන තිබූ (kit bag) එකක මිල එම මිල මෙන් දෙගුණයක් එනම් ඇමෙරිකානු ඩොලර් 152.72ක් වී තිබුණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තාව ඝාතනය කිරීම ව්‍යාපාරිකයා හා භාර වුන කපුවාගේ සැලැස්මක්… ගෙල කපා කාන්තාව ඝාතනය කර අත් සහ හිස සිරුරින් වෙන් කර ඇත්තේ ඔහු…

Next Post

මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.