ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංක පාකිස්ථාන් තරගයේ තුන්වන දිනය නිමා වී ඇත. ශ්‍රී ලංකා ඉනිම තවමත් ක්‍රියාත්මකය. පළමු ඉනිමේ ලකුණු ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 333ක් ඉදිරියෙනි. කඩුළු 9ක් දැවී දැන් 329ක් රැස් කරගෙන ඇත.
දිනේෂ් චන්දිමාල් මේ තරගයේ දී ස්වකීය ස්ථාවර පිතිකරණය ගැන තහවුරු කිරීමක් කළේය. ඔහු ලබා නොදැවී ලකුණු 86ක් ලබාගෙන ඇත. ඊට හතෙර් පහර පහක් සහ හයේ පහර දෙකක් ඇතුළත් වී තිබේ. ඔහු ප්‍රභාත් ජයසූරිය සමග කඩුල්ලේ රැඳී හිඳී. ජයසූරිය නොදැවී ලකුණු 4ක් ලබාගෙන ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක, කුසල් මෙන්ඩිස් ලකුනු 76ක් ලැබීය.
පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුනු මොහොමඩ් නවාස් ලකුණු 88කට කඩුළු 05ක් ලැබිය. යෂීර් ෂා ලකුණු 102ට කඩුළු 3ක් දවාගෙන ඇත. හසන් අලි එක කඩුල්ලක් දවාගෙන ඇත.
ගාලු ක්‍රීඩාංගනයේ සිවුවන ඉනිම ක්‍රීඩා කරන කණ්ඩායමකට ලැබෙමින් ඇත්තේ තියුණු ඉලක්කයකි.