පාකිස්තානය විසින් ශ්‍රී ලංකාව පසු කරමින් ආසියාවේ ඉහළම උද්ධමනයක් පවතින රට බවට පත්ව ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.
ඒ අනුව මැයි මාසයේ පාකිස්තානයේ උද්ධමන අගය සියයට තිස් අටක අගයක් දක්වා වර්ධනය වී ඇති බව නිකුත් වූ නවතම දත්ත පෙන්වා දෙයි.
පකිස්තානය අයි.එම්.එෆ් කොන්දේසි සපුරාලීමට පසුබට වීමටත්, මූල්‍ය වැඩසටහන ජූනි අවසානයේ අවසන් වුවහොත් ආර්ථිකය බංකොලොත් වීමේ අවදානමක්ද නිර්මාණය වී තිබේ. මේ අතර පාකිස්තාන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උද්ධමනය මෙය වේ.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාකිස්තාන දූත මණ්ඩල නියෝජිත නේතන් පෝටර් විසින් සඳහන් කර සිටියේ පාකිස්තානයේ වත්මන් දේශපාලන අර්බුදය, ආණ්ඩුකුම ව්‍යවස්ථාව, නීතියේ අධිපතිය නිසි පරිදි විසඳනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
පෝටර්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාකිස්තාන රජය යම් ආකාරයකින් උරණ වීමක්ද වාර්තා වන අතර එහිදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කාව්ජා ආසිෆ් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණඩල නියෝජිතයාව විවේචනයටද ලක් කර තිබේ.
මෙම තත්ත්වයත් සමඟ පාකිස්තානයේ ආර්ථික තත්ත්වය තවදුරටත් කඩා වැටෙමින් පවතින අතර එහිදී පාකිස්තානයේ එකම ගැලවුකාරයා චීනය බවට දැඩි විශ්වාසයකින් පැවතීමද ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
චීනය විසින් පසුගිය කාලය පුරාවට පාකිස්ථානයේ කළ අර්බුදකාරී අයෝජන සහ ව්‍යාපෘති වාර්තමාන ණය අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇත. ඒ අනුව පාකිස්තානය තවදුරටත් චීනය මතම යැපීම කබලෙන් ලිපට වැටීමක් ලෙසටද පේනවා දිය හැකිය.