බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා  සමාගමේ සිදු වී ඇති වංචා, දූෂණ හොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්!

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේත් සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේත් සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත.

ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම විශේෂ විමර්ශන කමිටුව හමු වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සාකච්ඡාවකටද එක් විය.

එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳව ඉදිරිපත්ව ඇති සියලු කරුණු අධ්‍යයනය කරමින් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසත්, එම තත්ත්ව නිවැරදි කිරීමට සහ අනාගතයේදී එවැනි දෑ නැවත සිදු වීම වැළැක්වීමට අවශ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කමිටුවට දැනුම් දුන්නේය.

මෙම විශේෂ විමර්ශන කමිටුවට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් එම කමිටුවේ කැඳවුම්කරු සහ සාමාජිකයන් වෙත ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිණ.

ඒ අනුව, මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ ලේකම් / කැඳවුම්කරු වශයෙන් ජනාධිපති අතිරේක ලේකම් කේ.එන්.එම්. කුමාරසිංහ ද, සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ, විශ්‍රාමික අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ඥානසිරි සේනානායක, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති දුෂාන්ත බස්නායක, නීතිඥ දොන් චමින්ද ජේ. අතුකෝරල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.එච්. කේ. විජේරත්න කටයුතු කරති.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගම සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් 2010-2025 කාලය තුළ සිදු කරන ලදැ’යි කියන,

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය  බලය අනිසි ලෙස භාවිත කිරීම සහ වරප්‍රසාද අනීතික ලෙස ලබා ගැනීම
  • සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමේදී සහ බඳවා ගැනීම්වලදී සිදු වී ඇති අක්‍රමිකතා
  • ගුවන් සේවා ආරක්ෂක කටයුතුවල දුර්වලතා
  •  තීරුබදු රහිත සාප්පු ගනුදෙනු සහ විදේශ රටවල අලෙවි නියෝජිතයන්ගේ ගනුදෙනු සහ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතා
  • ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුමට ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන ලද පරිපාලනමය වැරදි, දූෂණ සහ අක්‍රමිකතා සහ/ හෝ බාහිර මැදිහත් වීම්
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් වර්ෂ 2000 සිට 2025 දක්වා කාලය තුළ ගුවන් යානා සහ රුපියල් මිලියන දහයට වඩා වටිනා භාණ්ඩ සහ සේවා ප්‍රසම්පාදනය කිරීමේදී සහ/හෝ බදු දීමේදී/ගැනීමේදී සිදු වී ඇති දූෂණ සහ අක්‍රමිකතා
    යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, ජේ.සී වැලිඅමුණ කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ විශේෂ විමර්ශන වාර්තාව මගින් අනාවරණය වූ වැරදි තීරණ ගැනීම්වලට සහ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට වගකිව යුතු පාර්ශ්වයන් හඳුනා ගැනීම, ඒවා නිවැරදි කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අනාගතයේ එවන් තත්ත්ව යළි ඇති වීම වැළැක්විමට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම මෙම ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවේ කාර්යභාරය වේ.
Tags: නවතම
Share69Tweet43
Previous Post

පරිසර ලේකම් සහ වනජීවී ලේකම් වන අලි මරණ ගැන විමර්ශනයට සීඅයිඩී සහාය පතති…

Next Post

ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට බැංකොක් හා දේශීය සංචාර

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.