ශ්‍රි පාදය වන්දනා කිරීමට ගිය අය අතුරින් තිදෙනකු හදිසියේ රෝගී වී මිය යාමට හේතු වී ඇත්තේ ලිස්ටීරියා බැක්ටීරියාවමදැයි තහවුරු කර ගැනීමටත් ඒ සඳහා හේතු වී ඇති කරුණු පිළිබඳව විමර්ශණය කිරීමටත් එම ප්‍රදේශයේ වසංගතවේද පරීක්ෂණයක් සිදු කිරීමට සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හිමාලි කොතලාවල ලංකාසරට පැවසීය.
මෙම රෝගය සතුන් ආශ්‍රිතව දක්නට ලැබෙන බැවින් එය මිනිස් ආහාරවලට මුසු වූයේ සතුන් ආශුයෙන් ලබා ගන්නා ආහාරවලින්ද යනන පරීක්ෂා කිරීමට බව පැවූ අධ්‍යක්ෂ ජනරාල්වරිය තම දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ අදාළ ප්‍රදේශයේ ආහාර සාම්පල කිරි සහ මස් නිෂපාදන සාම්පල ලබා ගැනීමට බලාපොරොත්තු වන වවත් ඊට අමතරව පුළුල් ලෙස තොරතුරු එක්රැස් කිරීමට බලාපොරොත්තු වන බවද අනාවරණය කළාය.
“ මෙම රෝගය සතුන් අතර පවතින එකක්. සමහර විට එම රෝග කාරක බැක්ටීරියාව කිරි නිෂ්පාදනවල සහ මස් නිෂ්පාදනවල තිබෙන්නට පුළුවන්. ලිස්ටීරියා ආසාදන පවතින බවට සැක කරන අදාල ප්‍රදේශයේ ඊට හේතු වූයේ තවර තත්ත්වයක්ද යන්න පිළිබඳව නිශ්චිත කරුණු සොයා ගැනීමට අවශය වනවා.මෙය ආහාර මඟින් බෝ වන රෝගයක්. මේ තත්තව සියල්ලම සලකා ඊට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීමේ පුළුල් පරීක්ෂණයක් අප දියත් කරනවා “යයිද ඇය තවදුරටත් සඳහන් කළාය.