බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව නිසා “ඕවර් ටයිම් දාපු“ ජයශංකර්ලා !

by Lankasara News
මාර්තු 31, 2022 - Updated on අප්‍රේල් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවේ ජනතාව තවමත් සිටිනුයේ ඉන්දියාව දෙස දත නියවාගෙන ය. හේතුව මේ අර්බුදය මැද ලැබුණු ඉන්දීය මැදිහත්වීමය. ඒ පිළිබඳව බොහෝ වාද විවාද ද රට තුළ නිර්මාණය වූයේ ඉන්දීය විදේශ අමාත්‍යවරයාද මෙරටට පැමිණි පසුබිමක් තුළය. ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ .ජයශංකර් කීවේ මේ වනවිට ශ්‍රි ලංකාවේ පවතින අර්බුදය සලකමින් තමන්ටද “ඕවර් ටයිම්“ එනම් අතිකාල වැඩ කරන්නට සිදුව ඇති බවය. මාලදිවයිනේ සංචාරකයන් පසුව මෙරටට ඔහු පැමිණියේ විශේෂයෙන්ම කොළඹ දී පැවැති බිමිස්ටෙක් සමුළුවට සහභාගී වීම පිණිසය. එහෙත් එ අතරේ තවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිහිපයකටම ඔහු සම්බන්ධ වූයේය.

ඔහු ශ්‍රි ලංකාවේදී කළ කී දේ මෙරට මැදහත් ප්‍රජාවට පෙනුණේ අමුතු ආකාරයටය. ආචාර්ය ජයශංකර් ශ්‍රි ලංකාවට එන විට කොළඹ පුරා දිගු ඉන්ධන ගෑස් පෝලිම් තිබුණි. එය රටක් ලෙස ගත් කල විපතකි. සාමාන්‍යයෙන් ඕනෑම විපතක් හමුවේ ලකුණු දමා ගන්නට ඉහළ තලයේ සිට ගමේ දේශපාලකයා පවා දක්ෂය. ගංවතුරක් කඳු කඩා වැටීමක් මළ ගෙදරක් වැනි තැනකට දුවගෙන පැනගෙන එන මේ දේශපාලකයන් ඉන්ධන පෝලිම් පැත්ත පළාතකටවත් ආවේ නැත. මෙ අතරේ ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් ඉන්ධන බෙදා හැරීමේ ප්‍රශ්නය සොයා බැලීම සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්විය. එහි පවතින අඩුපාඩු පිළිබඳව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන් බවක් ද වාර්තා විය.

මේ අතරේ ජයශංකර් බමිස්ටෙක් සමුළුවට සූදානම්ව සිටියදී සමාජ මාධ්‍ය හරහා පළ වූ තවත් පුවතකින් ඔහු කලබලයට පත්විය. ඒ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා තම රෝහලේ අංශ ප්‍රධානීන් වෙත යවන ලද ලිපියකි. එයින් කියවුණේ රෝහාලේ හදිසි ශල්‍ය ඖෂධ හා උපකරණ නැති නිසා ශල්‍යාගාර වසන්නට සිදුව ඇති බවය. සිය ට්වීට්ර් ගිණුමට සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේ මේ පුවත දැකීමෙන් තමන් කණස්සල්ලට පත් වූ බවය. ඔහු මෙහිදී කළ හැකි දෙයක් ඇත්නම් වහාම සොයා බලන්නැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේට කීවේය. එයද සමාජ මාධ්‍යවල පළ කෙරුණේ ලංකාවේ අඳ බිහිරි සේ ඉන්නා දේශපාලකයන්ට ඔච්චම් කරමිනි.

“ මේ වගේ තත්ත්වයක් තුළ සාමාන්‍ය වේගයකින් දේවල් කරන්න බැහැ. කරන හැම දෙයක්ම වේගවත් විය යුතුයි. අපගේ පද්ධතිය අතිකාල වැඩ කරනවා. ”සිය සංචාරය අවසන් වන අවස්ථාවේ ඔහු මාධ්‍යවේදීන්ට කීවේය. එමෙන්ම ඔහු පැවසුවේ, අත්‍යවශ්‍ය ආනයන සඳහා මෑතකදී ලබා දීසට එකඟ වූ ඩොලර් බිලියන 1 ක ඉන්දියානු ණය “ඉතා ඉක්මනින්” ක්‍රියාත්මක වනු ඇති බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔහු නවදිල්ලියට පිටත්ව යාමට පෙර කොළඹ පදනම් වූ ඉන්දියානු මාධ්‍යවේදීන් ද දැනුවත් කළේය.

“අපි ශ්‍රී ලංකා අර්බුදයට ළඟා වන්නේ බුද්ධිමත්, හොඳ අසල්වැසියෙකු විදිහට, දේශපාලනය ඇත්තේ බැහැරව. ” ඔහු පැවසුවේ, ඩොලර් මිලියන 400 ක ස්වොප් මුදල් හුවමාරුව, ඩොලර් මිලියන 500 ක ණය කල්දැමීම, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500 ක ණය යෝජනා ක්‍රමය ඇතුළු නවදිල්ලිලයේ මූලිකත්වයෙන් ශ්‍රි ලංකාවට ලැබෙන සහය විශේෂයි.

“අප මීට පෙර කිසිම රටක් වෙනුවෙන් මෙවැනි පියවරක් තැබුවා මට මතක නැහැ. ස්වාභාවික විපත් හෝ වසංගත වලදී අපි රටවලට උදව් කර තිබුණත් මෙය වෙනස්.මේ වනවිට ඒ තරමට ශ්‍රී ලංකාවේ “අවශ්‍යතා වැඩියි. ඔහු පැවසීය.

ඉන්දියාවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන ඇතුළු මෑත කාලීන ද්විපාර්ශ්වික ගිවිසුම් “ශ්‍රී ලංකාවේ සමස්ත තත්ත්වය ශක්තිමත් කරනු ඇතැයි ද “ජයශංකර් මහතාගේ නිරීක්ෂණය විය.

ජනවාරි මාසයේ සිට ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනය කිරීම, ජාතික තාප විදුලි සංස්ථාව සහ අදානි සමූහ ව්‍යාපාරය විසින් පිහිටුවීමට නියමිත උතුරු හා නැගෙනහිර බලශක්ති ව්‍යාපෘති ඇතුළු දිගුකාලීන සාකච්ඡා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා ඇත.ශ්‍රී ලංකාවේ ඇතැම් විචාරකයින් ඉන්දීය මූල්‍ය ආධාර හා සම්බන්ධ කර ඇති ගිවිසුම් සමූහය, පසුගිය 2021 මුල් භාගයේදී ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සිට වෙනසක් යෝජනා කරයි. ඉන්දියාවේ පිටුබලය ලබන ව්‍යාපෘතිවල “මන්දගාමී” ප්‍රගතිය බොහෝ සාකච්ඡා විය.

මෙහිදී ඉන්දීය මාධ්‍යෙව්දීන් ශ්‍රි ලංකාවේ විපක්ෂය කරන චෝ=දනාවක් වන අදානි සමාගමට නියමිත ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව පස්සා දොරෙන් ව්‍යාපාරික අවස්ථ ලබා දීම ම සම්බන්ධයෙන් චෝදනා ගැන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඇසූහ.

“ඉන්දියානු රජය මෙහි පෞද්ගලික අංශයේ ආයෝජනවලට යන්නේ නෑ . ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම පදනම් වී ඇත්තේ අන්තර් රාජ්‍ය අවබෝධයක් මතයි. විදුලි ව්‍යාපෘතියට පැමණි එන්ටීපීසී ආයතනය රජයට අයත් පෞද්ගලික ව්‍යාපාරයක්. එය ශ්‍රි ලංකා රජය සමග වයාපාර යක් කනරන්නේ . ඉන්දීය රජයේ සම්බන්දයක් ඊටත් නෑ. නමුත් ශ්‍රි ලංකාව ඇතැම් විට මෙහි ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා, ”ඔහු පැවසීය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රි ලංකා සංචාරය තුළ සිදුවූ තවත් වැදගත් දේශපාලනික පියවරක් වූයේ උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ ගැටලු සම්බන්දයෙන් අවධානයට ලක් කිරීමය. ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ විපක්ෂයේ ප්‍රධාන සාමාජිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීය.එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ ඔහුගේ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන තවත් කරුණු කිහිපයක් පිළිබඳවද සාකචඡා වී ඇත. එහෙිදී අවධානයට ලක් කෙරුණු උතුරේ සහ නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාව නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) සමඟ මෑතදී කළ සාකච්ඡා පිළිබඳ ජනාධිපතිවරයාගේ වාර්තාව මෙයට ඇතුළත් විය. පසුව, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ද සංචාරයට පැමිණි ඉන්දීය නිලධාරියාට අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත් කළහ.

“දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම්, අතුරුදහන් වූවන් සහ සංවර්ධනය යන විශේෂිත කරුණු හතරක් ඔවුන්ගේ සාකච්ඡාවට පැමිණ තිබේ. මේවා දැන් බොහෝ කාලයක සිට දෙමළ ජනයාට පැවති ගැටලුය. දෙපාර්ශවයම නිශ්චිත, ක්‍රියා කළ හැකි කරුණු හඳුනාගෙන එකඟ වී ඇත“මෙම ගැටළු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සංහිඳියාවට සහ විශ්වාසය ගොඩනැගීමට බලපෑමක් ඇති කළ හැකියි. නමුත් එය සංවාදයේ අවසානය නොවේ,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අපේක්ෂිත දේශපාලන විසඳුම ගැන සඳහන් කරමිනි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික සහ භූ දේශපාලනික ක්‍රමෝපාය තුළ ශ්‍රි ලංකාව මෙන්ම කලාපයේ සෙසු රටවල් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන අසල්වැසියාට පළමුව යන ප්‍රතිපත්තිය තුළ පිහිටා කරගෙන යන වැඩපිළිවෙළ තුල ශ්‍රි ලංකාවට මෙම ඉන්දීය විශේෂ අවධානය යොමු විය. එය ඉන්දියාව අතින් බලන කල සිය කලාපීය ස්ථාවරත්වය සඳහා ශ්‍රි ලංකාවේ සෑම කොණක් සමඟම හොඳින් ගනුදෙනු කිරීම දෙරටට හිතකරය.

Share69Tweet43
Previous Post

පීඩනය පුපුරා යයි… කෝප වූ මිනිස්සු  ජනපති නිවස වටලති…

Next Post

රුසියානු වෙළෙදපළ අල්ලා ගැනීමට චීන සමාගම්වල අවධානය

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.