ශෂීන්ද්‍ර රාජපක්ෂ යටතේ තිබූ අමාත්‍යාංශ ගලවා ලොහාන් රත්වත්තේට ලබා දෙන තුරු තමන්ගෙන් එම තනතුර ගැලවෙන බව ශෂීන්ද්‍ර රාජපක්ෂ නොදැන සිටි බව පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොහොට්ටුව පාර්ශවයෙන් පවසන්නේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ අවමගුල් උත්සවයට පැමිණි අතිවිශාල ජනතාව දැකීමෙන් පසු ජනාධිපතිවරයා හා තවත් බොහෝ පිරිස් කලබල වී ඇති බවය.
සනත් නිශාන්තගේ මරණයෙන් පසු ඇති වූ තත්ත්වය තුළ නැවත පොහොට්ටුවට ඇති ඡන්ද පදනම ශක්තිමත් වි ඇති බව පොහොට්ටුවේ ආරංචි මාර්ග පවසයි.
පොහොට්ටුවට සම්බන්ධ ආරංචි මාර්ග පවසන්නේ රාජපක්ෂලාට පහරදීම සදහා ජනාධිපතිවරයා ශෂීන්ද්‍ර රාජපක්ෂගේ අමාත්‍යධුරය ගලවා ඇතිබවය.
තවද රාජපක්ෂලා හා රත්වත්තේ අතර ගැටුමක් ඇතිකර පොහොට්ටුවේ සමගිය බිදීමට මෙමගින් උත්සාහ දරා ඇති බව ද පොහොට්ටුවේ මතය වී ඇතැයි පැවසේ.







