ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතැම් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය පරික්ෂණයන් පවත්වා අවසන් කළ ලිපි ගොනුවල ඇතැම් දත්ත අස්ථානගතව ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් විනය පරික්ෂණ අවසන් කර ඇති වෛද්‍යවරුන් සම්බන්ධයෙන් වෛද්‍ය සභාව මගින් පිරිනමන good standing සහතිකය ලබා දීමට නොහැකි වී ඇතැයි වෛද්‍ය සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකරණ නියෝගයක් මත වෛද්‍ය සභාවේ වත්මන් සභාපතිවරයාව සිය තනතුරෙන් ඉවත්කර කර ටික දිනකට පසුව මෙම ලිපිගොනු වල දත්තයන් අස්ථාන ගත වන්නට අතැයි සැක කරන බව වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
මේ හේතුවෙන් විනය පරික්ෂණ අවසන් කර ඇති වෛද්‍යවරුන්ට අවශ්‍ය good standing සහතිකය නිකුත් කිරිමට නොහැකි වීම තුළ වෛද්‍යවරු දැඩි අපහසුවකට පත්ව ඇතැයි ද වාර්තාවේ.