දැඩි දුශ්කරතා මධ්‍යයේ හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රාජ්‍ය ආයතන සම්බන්දයෙන් සාමාන්‍ය ජනතාව අතර අහිතකර හැඟීමක් ඇති කිරීමේ අරමුණින් පසුගිය කාලයේ වෛද්‍ය වෘත්තිකයන්ට සහ රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලට එරෙහිව ඇතැම් පුද්ගලයන් සමාජ මාද්‍ය ඔස්සේ කරන ලද අසත්‍ය චෝදනා මාලාව පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) අතිශයින් කනස්සල්ලට පත්ව ඇති බවත් අසීරු තත්ත්වයන් යටතේ වෙහෙස මහන්සි වී වැඩ කරන වෛද්‍ය වෘත්තිකයන්ට සහ ආයතනවලට අපකීර්තියක් ගෙන දෙමින් කරගෙන යන මෙම පිළිගත නොහැකි හැසිරීම නැවැත්වීමට පවතින රෙගුලාසි යටතේ ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (16) වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය කියා සිටියි.
මෙම වගකීම් විරහිත සමාජ මාධ්‍ය මෙහෙයුමේ නවතම ගොදුර වන්නේ කළුතර ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශය යැයිද තම රාජකාරිය නිසි අයුරින් ඉටුකරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ වෙනත් කැප වූ සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ඒකකය 2021 වසරේ සිට කළුතර ප්‍රදේශයේ ජනතාවට දුර බැහැර රෝහල්වලට යාමෙන් තොරව, 24 පැය තුළ සේවය සපයන බවද නිවේදනයේ සඳහන් වේ.
මෙම මඩගැසීම්වලට එරෙහිව අදාළ පියවර ගැනීම, වගකීම් විරහිත පුද්ගලයන්ගේ අසත්‍ය ප්‍රකාශවලින් බිද දැමීමට උත්සාහ දරන රාජ්‍ය සෞඛ්‍ය ආයතන කෙරෙහි සාමාන්‍ය ජනතාව රදවා ඇති විශ්වාසය තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයිද නිවේදනයේ කියවේ.