ශ්‍රියානි විජේසිංහ
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස හා අවුරුදු 63 කාලසීමාවට අමතරව තවත් වසර දෙකක් කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි
මෙම තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඇමතිවරයා පවසා සිටී
රටේ ඇතිවී තිබෙන සමස්ත බුද්ධි ගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
සමස්ත රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ කාල සීමාව වයස අවුරුදු 60 වුවද රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධි ගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට,සිදුව ඇති බලපෑම හේතුවෙන් වෛද්‍ය වරු විශ්‍රාම ගැන්වීමේ අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලදී







