අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේල්ල වීදියට මළ සිරුර ගෙනා බුත්තල එස් අයි දිවි නසා ගනී

by editor
මාර්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වේල්ල වීදියේ ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර බුත්තල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයකු විසින් ගෙන එන ලද බවත් එය සිය අනියම් බිරියගේ සිරුර බවත්  පොලිස් විමර්ශනවලින් අනාවරණය වූූයේය.  මෙම සැකකාර පොලිස් නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් මිදී සිය දිවි නසාගෙන තිබිණි.  අද අලුයම බඩල්කුඹුර ප්‍රදේශයේදී ඔහුගේ මළ සිරුර හමුවී ඇතැයි පොලිසිය කීවේය.

බදුල්ල බඩල්කුඹුර ප‍්‍රදේශයේ පදිංචිබව කියන මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා 52 හැවිරිදි තිදරු පියෙකි.  ඔහු පිළිබඳව ලද තොරතුරු මත ඔහුගේ නිවස ඊයේ (02) දා සවස පොලිස් කණ්ඩායමක් විසින් වටලනු ලැබූ අවස්ථාවේ සැකකරු නිවසින් පැන අසල කැලෑවක සැඟවී ඇත.  පසුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (02 දා) සවස සිට එම කැලෑ ප‍්‍රදේශය වටලා දැවැන්ත මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළේය.  පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර  අද  අලුයම සිය දිවි නසාගත් ඔහුගේ සිරුර පොලිසිය විසින් සොයා ගත්තේය.

විමර්ශනවලට අනුව සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සිය අනියම් බිරිය හංවැල්ල නගරය ආසන්නයේ පිහිටි නවාතැන්පළකදී ඝාතනය කර ඇති බව පෙනී ගොස් තිබේ. ඇගේ හිස කඳින් වෙන්කර ගමන් බෑගයක දමාගෙන ඇති සැකකරු හංවැල්ල සිට පෞද්ගලික බස් රථයකින් පිටකොටුව වේල්ලවීදියට ගෙන ගොස් මඟ දමා ආපසු බුත්තලට ගොස්  ඇත.

ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිලිනි යසෝමා ජයසූරිය
ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිලිනි යසෝමා ජයසූරිය

ලද තොරතුරු මත මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා හංවැල්ල ප‍්‍රදේශයේ නවාතැන්පළක සිටි බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඊයේ (02)   දහවල් එම නවාතැන්පළ පරීක්‍ෂා කරන ලදී.  එහිදී මෙම සැකකරු නවාතැන්පළ වෙත ඔහුගේ නම හැඳුනුම්පත් අංකය ලිපිනය සහ දුරකථන අංකය ලබාදී තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබිනි.
නවාතැන්පළේ සේවකයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ එම සැකකරු ඉකුත් 28 වැනිදා කාන්තාවක් සමඟ මෙහි පැමිණ නවාතැන් ගත් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැකකරු විවාහකයකු වන අතර ඔහුට 18 හැවිරිදි වියෙහි පසුවන පුත‍්‍රයකුද සිටින බව පොලිසිය පවසයි. සැකකරුගේ නිත්‍යානුකූල බිරිය පොලිසියට පවසා ඇත්තේ ඉකුත් 27 දා තම සැමියා නිවසින් පිටවී ගිය බවත් ඊයේ (02) දා අලූයම් කාලයේ ඔහු නැවත නිවසට පැමිණි බවත්ය. සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා බුත්තල පොලිසියේ රාජකාරි සඳහා පැමිණීමට පෙර ඇමැති ආරක්‍ෂක අංශයේ සේවය කළ නිලධාරියෙකි.
ෙකාලයක පටන් ඔහු අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිව ඇත.

ඝාතනයට ලක්වූ තරුණිය කුරුවිට ප්‍රදේශයේ පදිංචි තිලිනි යසෝමා ජයසූරිය නැමැති අවිවාහක කාන්තාවක් වන බවට ඇයගේ පවුලේ ඥාතීන් විසින් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත. ඇය පසුගිය 27 වනිදා කතරගම යන බව පවසා නිවසින් පිටව ඇති බව පවුලේ ඥාතීන් පවසා ඇත.

කලක් ඔහු රත්නපුර ප්‍රදේශයේ රාජකාරී කරන විටදී මෙම තරුණිය සමඟ සබඳතාවක් ඇති කරගෙන තිබේ.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සහ ඔහු තරුණිය ඝාතනය කළ බවට සැක කරන නවාතැන් පොළ පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ ලෙස කළ සෝදිසියකින් පසුවය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මා කරන ජාතික ශාසනික ආගමික මෙහෙවර වැරදි නම් එල්ලා මරා දමන්න

Next Post

වව්නියා දැව හොරුන්ට හමුදාවෙන් වෙඩි… දෙදෙනෙකුට බරපතල තුවාල…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.