ශ්‍රියානි විජේසිිංහ –
වැල්ලම්පිටිය වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රිට් තාප්පයක් කඩා වැටීමෙන් ඊයේ සිදුවූ අනතුරෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දරුවන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ දරුවාගේද තතත්වය යපහත් අතට හැරෙමින් තිබෙන බව අධ්යක්ෂවරයා පැවසුවේය.
වැසි සහිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පාසල් භූමිය තුළ පිහිටි අවදානම් ස්ථානයන් පිලිබඳව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවද හෙතෙම ගුරුවරුන්ට සහ වැඩිහිටියන්ට දැනුම් දී සිටියි.
මෙම අනතුරෙන් එක් දරුවෙකු මිය යෑම සහ මෙම අනතුර පිලිබඳව වහාම පරික්ෂණයන් පවත්වා තමාට වාර්තාවක් සපයන මෙන් කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත දැනුම් දී සිටියි.