බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන් කළ කෝටි 29න් විශාල වංචාවක්.. නයිට්‍රිජන් දියර පොහොර ගනුදෙනුව ගැන යළිත්  ප්‍රශ්න කිරීමක්…

by editor
ඔක්තෝබර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් ගෙන්වනු ලැබූ නයිට්‍රිජන් දියර පොහොර ගෙන්වා ඇත්තේ කැබිනට් තීරණය මතු නොව සමස්ථ මූල්‍ය ක්‍රියාවලියේ සම්මත විනය බිඳ දමමින් අතිශය පිළිකුල් සහගත ආකාරයට බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික සුනිල් හඳුන්නෙත්ති අද විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

රට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිය දී ගොවි ජනතාවගේ පීඩනය පුපුරා යන අවස්ථාවක ඇතිවන තත්වයන් උපයෝගී කරගෙනත්  රාජ්‍ය මුදල් වංචා කිරීමට ආණ්ඩුව සූදානම් වන බව පෙන්වා දුන් සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

කැබිනට් පත්‍රිකාව

අංශු මාත්‍ර ශාක පෝෂක නිෂ්පාදක සැපයුම යටතේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔක්තෝබර් 15 දින ඉදිරිපත් කළ බවට සඳහන් වෙනවා. නමුත් මෙම නයිට්‍රජන් පොහොර තොගය ඉන්දියාවෙන් ගෙන්වාගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට පටහැනිව බව දැන් පැහැදිලි වෙනවා.

ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයා වන පෞද්ගලික සමාගමකට භාණ්ඩාගාරය අනුමත කළ මුදල් මහජන බැංකුව හරහා ලබාදී තිබෙන බව අපි දැනටමත් දන්නවා.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

රජයේ  පොහොර සමාගම් හැලූ හැටි…

රජයන් අතර ගනුදෙනුවක් නම් ආනයනය ක්‍රියාවලිය සිදුවිය යුත්තේ රජයේ සමාගම් හරහායි. ශ්‍රී ලංකාවේ රජය යටතේ පොහොර සමාගම් දෙකක් තිබෙනවා. එම සමාගම් මෙම ගනුදෙනුවට සම්බන්ධ බවට තොරතුරු නැහැ. ඒ වෙනුවට එම ගනුදෙනුවට සම්බන්ධ වී තිබෙන්නේ මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන අයගේ පුද්ගලික ගිණුමකට මුදල් හුවමාරුවක් මගින්.

මේ අය ඉන්දියානු සමාගමේ දේශීය නියෝජිතයින් නම්, ඔවුන්ට විදේශ මුදල් හුවමාරු ගිණුමක් තිබිය යුතුයි. එම ගිණුම ආරම්භ කර තිබෙන්නේ ඔක්තෝබර් 18දායි. එදිනම තමයි භාණ්ඩාගාරයෙන් මුදල් මෙම ගිණුමට හුවමාරු වන්නේ. එය වෙනම ප්‍රශ්නයක් හැටියට තිබෙනවා.

ඇමතිවරයා ඉල්ලීම් කර තිබෙන්නේ ඉහළ ගුණාත්මක භාවයක් සහිත මෙම ශාක පෝෂක කොටස් සහිත ද්‍රව්‍ය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා ආනයනය කිරීමටයි. නමුත් ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික සමාගමක්.

ඇමතිවරයා කැබිනට් සංදේශය මගින් ඉදිරිපත් කරන්නේ මෙම නයිට්‍රජන් දියර පොහොර වී වගාව සඳහා ලීටර් මිලියන 1.8ක් සහ බඩඉරිඟු වගාව සඳහා ලීටර් 3,25,000ක් ආනයනය කරන්න අවශ්‍යයි කියලා. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් මිලදී ගන්නා එම ලීටර් ප්‍රමාණය සඳහා අවශ්‍ය ගෙවීම් කිරීමට ණය පහසුකම් ලිපියක් අදාළ බැංකුව වෙතින් භාණ්ඩාගාරය හරහා නිකුත් කරන්න කියලා එම කැබිනට් සංදේශයේ සඳහන් වෙනවා.

ටෙන්ඩර් නෑ…

විවෘත ටෙන්ඩර් පටිපාටියක් හරහා මෙම මිලදී ගැනීම සිදුකළ යුතුව තිබුණත් හදිසි මිලදී ගැනීමක් ලෙස ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුකරන්න ගිහින් දැන් හත්පොලේ ගාගෙන තිබෙනවා. කැබිනට් තීරණය ලබාදී තිබෙන්නේ ඔක්තෝබර් 19වැනිදායි. කැබිනට් පත්‍රිකාවේ 04/1 ලෙස සඳහන් කර තිබෙන ඉන්දියානු සමාගමේ පොහොර ලබාගැනීමටයි.  4/2 කියන්නේ එම පොහොර තොගය කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හරහා කොන්ත්‍රාත් ගත කර ගිවිසුම් ගත කර ගෙන්වීමට සහ ඒ සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.

එලෙස අනුමත වුණු කැබිනට් තීරණය වෙනස් වුණේ කොහොමද කියලා මේ රටේ ජනතාව දැනගන්න කැමතියි. මෙතන තවත් බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. එනම් කැබිනට් තීරණය දැනුම් දෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා වන අතර, පුද්ගලික ගිණුමට මුදල් හුවමාරුව සිදුවී තිබෙන්නේ කැබිනට් තීරණය ලැබීමටත් පෙරයි. එනම් ඔක්තෝබර් 18වෙනිදායි. එනිසා මෙතන ගැටලු ගණනාවක් මතුවෙනවා.

හදිස්සියෙ ඉතිරි ඩොලර් රුපියල් කළේ ඇයි?

ඒ වගේම කැබිනට් මණ්ඩලය විසින් එම මුදල ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් රටට පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. මෙම පොහොර ගෙන්වීම සඳහා ඉන්දියානු සමාගම තෝරා ගත්තේ කොහොමද යන්නත් රටට පැහැදිලි කළ යුතුයි. මේ සඳහා පත්කළ ප්‍රසම්පාදන කමිටුවේ වාර්තාවල සඳහන් වෙනවා මෙම පොහොර ඩොලර් ශත 10ක් මිල අඩුකර ලබාගන්නා බව. නමුත් ඩොලර් සත 10ක් පමණක් අඩුකර ලබාගැනීමට තරම් හදිසියක් ඇති වුණේ කොහොමද?

ඒ වගේම මොහාන් ටී පෙරේරා සහ වීරසිංහ යන දෙදෙනාගේ ගිණුම හරහා මුදල් ලබාදුන්නේ ඇයි? ඉතිරි මුදල ඩොලර් වල සිට රුපියල්වලට මාරු කිරීමට බලපෑම් කළේ ඇයි? මේ සඳහා යොදා ගන්නේ මහජනතාවගේ මුදල්.

ගනුදෙනුවෙන් පසුව ඉතිරි වූ මුදල් නැවත රුපියල්වලට හරවා ගැනීමේ අවශ්‍යතාවය මොකක්ද? පොහොරවලට ගෙවන්නේ ඩොලර් 325,000ක් නම් ඩොලර් ලක්ෂයක් නැවත රුපියල්වලට මාරු කරන්නේ ඇයි? මේවා රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.

ගොබ්බ කතා

මේක ගැන පැහැදිලි කිරීමට ආණ්ඩුවේ අය කියන කතා ඇහුවාම මේ ගනුදෙනු සිදුවෙන්නේ කඩේට ගිහින් බඩු ගේනවා වගේ කියලා අපිට හිතෙනවා. මෙවැනි ආනයනයකදී ඇස්තමේන්තුවක් නැද්ද? පොහොර තොගයට අනුව නොවෙයිද මුදල් වෙන් කරන්නේ? භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ඕනෑම පුද්ගලික ගිණුමකට හුවමාරු කරන්න පුළුවන්ද? කැබිනට් තීරණය තිබියදී ඊට පිටින් පුද්ගලයන් දෙදෙනෙකුගේ ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවුණේ කාගේ උවමනාවකටද? ඊට අනුමැතිය දුන්නේ කව්ද? මේවා මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.

පුද්ගලික ගිණුමකට මුදල් ගිය බව මහජන බැංකු සභාපති දන්නෙත් නෑ…

මෙම ගනුදෙනුව සඳහා යොදාගත් කෝටි 29න් විශාල වංචාවක් සිදුවෙලා තිබෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයා පවා කියනවා මෙවැනි ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවෙන බව තමන් දැනගෙන හිටියේ නැති බව. ඩොලර් මිලියන 1.257ක් කියන්නේ සුළු මුදලක් නොවේ. එවැනි මුදලක් ගනුදෙනු වනවිට ඒ පිළිබඳ ජනතාවට විනිවිදභාවයක් තිබිය යුතුයි. මෙවැනි ගනුදෙනුවලට මැදිහත් වෙන වංචාකාරයන් පිළිබඳව විමර්ශනය නොවී එම ගනුදෙනු පිළිබඳව වාර්තා කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා.

මේ සිදුවෙමින් ඇති දේ ගැන අප අවධියෙන් ඉන්නවා…

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය යුද නැව් 6ක් කොළඹට සහ ත්‍රිකුණාමලයට

Next Post

කොවිඩ් මරණ 13 600 ඉක්මවයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.