නව කැබිනට් මණ්ඩලය අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව පත්කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයත් සමග ආණ්ඩුවට පැමිණ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීමේ සැලසුමෙහි සිටි සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න දැඩි අපහසුතාවයකට පත් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ඔහු ඇමති ධූරය අපෙක්ෂාවෙන් ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවට අදාල පොරොන්දු ගණනාව ද සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.
එහි ප්‍රධානම එකඟතාවය වී ඇත්තේ සමගි ජන බලවේගයෙන් හය දෙනෙකුගේ කණ්ඩායමක් ඇතුළුව ආණ්ඩුවට එක් වීමය. කෙසේ වෙතත් මේ වනතුරුත් එම මන්ත්‍රීවරුන් හය දෙනාගෙන් එක් අයෙක් හෝ තමන් සමග සිටින බව තහවුරු කිරීමට රාජිත සේනාරත්නට නොහැකිවී ඇතැයි හෙළි වේ.
ජනාධිපතිවරයා රාජිත ඇතුළු කණ්ඩායමේ ආගමනය අපේක්ෂා කර ඇත්තේ අයවැයට පෙර වුව ද රාජිතට තමන් විසින් ලබා දුන් පොරොන්දුව තහවුරු කරගත නොහැකි වීම නිසා මේ මොහොත වනවිට ඔහු ඇතුළුව ආණ්ඩුවට එන බව කී පිරිසට ලබා දී තිබුණු වටිනාකම අඩු වි ඇතැයි දැනගන්නට ඇත.
අය-වැය වෙනුවෙන් නැති ඔළු අය-වැයට පසුව කුමට දැයි ආණ්ඩුවේ ප්‍රබලයින් ද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන මට්ටමකට පත් වී ඇතැයි ද වාර්තා වේ.