බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙනස් දේශපාලනයක් සමග එන අමුතු නමක් ඇති ගැහැණිය… කවුද මේ ව්‍රායි කැලී බල්තසාර්… 

by editor
පෙබරවාරි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

ඒ නම අමුතුය. ව්‍රායි කැලී බල්තසාර්… 

අලුත් දේශපාලන ප්‍රවාහයක නියෝජනයක් ලෙස  මේ අමුතු නමක් තියන ගැහැණිය ලංකාවේ බලගතුම පළාත් පාලන ආයතනය වන කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග වදින්නීය. ඒ මේ වනවිට  රටේ පෙරළිකාර දේශපාලන ප්‍රවේශයකට අවතීර්ණ වී ඇතැයි පෙනෙන  ජාතික  ජන බලවේගය  නියෝජනය කරමිනි.

කොළඹ නගරසභාව යනු ජනාධිපතිවරුන් බිහිකළ දේශපාලන තිඹිරිගෙයකි. අනෙක කොළඹ නගරයේ පළමු පුරවැසියා වීම මහා බලගතු ප්‍රවේශයකි.  දැවැන්ත දක්ෂිනාංශික බලකොටුවක් වූ කොළඹ නගර සභාව වෙනුවෙන්  තරග වදිනි  ව්‍රායි කැලි බල්තසාර්  සමග ලංකාසර අපි කෙටි පිළිසඳරක යෙදුනෙමු.

ව්‍රායි කැලී බල්තසාර්

ඔබේ නම:- ව්‍රායි කැලී බල්තසාර්

ඒ නම අමුතුයි:- ඔව්, මම බර්ග.ර්. මගේ තාත්තා ක්‍රිස්තියානි බර්ගර්, මගේ අම්මා සිංහල බෞද්ධ. මට බර්ගර් නමක් තියෙන්නේ. “ව්‍රායි” කියන්නේ ප්‍රංශ භාෂාවෙන් “සත්‍ය” යන තේරුම දෙන වචනයයි.

ගම:- රත්මලාන

පාසල:- මෙතෝදිස්ත විදුහල, කොල්ලුපිටිය

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විෂය බාහිර ක්‍රියාකාරකම්:- මම ගොඩාක් චිත්‍ර අඳින්න කැමතියි. ඉංග්‍රීසි නාට්‍යවලට සම්බන්ධ වුණා. පාසලේ සමිති සමාගම් හැම එකක ම වගේ හිටියා.

දෙමව්පියන්:- අම්මායි, තාත්තායි දෙන්නා ම කොළඹ. තාත්තා ව්‍යාපරයක් කළා. අම්මා අපි තුන්දෙනා ව බලාගැනීමේ අමාරු රස්සාවේ ගෘහණියක් විදිහට නිරත වුණා.

සහෝදර සහෝදරියෝ:- අවුරුද්දක් බාල මල්ලියි, අවුරුදු 7ක් බාල නංගියි. මල්ලි දැනටමත් ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා. පළාත් පාලන මැතිවරණයටත් වෙනත් පක්ෂයකින් මැතිවරණයට පෙනී සිටිනවා. එක ම පවුලේ වුණත් අපේ දේශපාලනය එකිනෙකාට වෙනස්. බාල නංගි උපාධිරිණියක්. ඇය ව්‍යාපාරික පැත්තට නැඹුරු වුණා. මල්ලි සමාජ සේවය කරමින් ඉඳලා වසර දොළහක ඉඳලා දේශපාලනයට සමබන්ධ වෙලා ඉන්නවා. අපි දෙන්නා පක්ෂ දෙකකින් දේශපාලනයට පිවිස තිබෙනවා.

අධ්‍යාපනය:- මම උසස් පෙළ කලා විෂයයන් හැදෑරුවා. දේශපාලන විද්‍යාවත් උසස් පෙළ විෂයයක් ලෙස කළා. භූගෝල විද්‍යාවත් කළා. ආර්ථික විද්‍යාව ටික කාලයක් කරලා විභාගයට ඉතා ආසන්නයේදී ඉංග්‍රීසි සාහිත්‍ය විෂයයට මාරු වෙලා උසස් පෙළට ඉංග්‍රීසි සාහිත්‍ය  කළා.

උසස් අධ්‍යාපනය:- චිත්‍ර විෂයයටත් මගේ දක්ෂතා තිබුණු නිසා එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් මෝස්තර නිර්මාණය පිළිබඳ උපාධියක් ලබා ගත්තා. 2018 දි මම කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා කාන්තාව සහ ස්ත්‍රීපුරුෂභාවය සම්බන්ධයෙන් විශාරද උපාධියක් හැදෑරුවා. ඒකේ පර්යේෂණ පත්‍රිකාව නිකුත් කිරීමට නියමිතයි.

විෂය බාහිර ක්‍රියාකාරකම්:- පාසලේ සියලුම සමිති සංගම්වල හිටියා. පාසලෙන් පසු වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වුණා. වයස අවුරුදු 15දී මම මුලින් ම විදේශගත වෙන්නේ අන්තර්ජාතික නායකත්ව වැඩසටහනක් සඳහා යි. එයින් අපේ නායකත්වය ගොඩාක් දියුණු වුණා. ඒ වගේ ම පාසල් කාලේ ඉඳලා මම ඉංග්‍රීසි නාට්‍යවලට සම්බන්ධ වුණා. රඟපෑම වගේ ම නාට්‍ය නිෂ්පාදන කටයුතුත් කළා.

දේශපාලනය:- මම දේශපාලනයට එන්නේ කවුරුත් නිසා නෙවෙයි. කාලයක් තිස්සේ දේශපාලනයේ මට දැනෙන දේවල් ගණනාවක් තිබුණා. විශේෂයෙන් ම කාන්තා හිංසනය සහ ළමයි සම්බන්ධ ගැටලුවලදී සමාජ ක්‍රියාකාරිනියක ලෙස මම ඒවාට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතර ව මම මාධ්‍ය රැකියාවක් වසර 10ක් කළා. විවිධ සංවිධානවලට සම්බන්ධ වෙලා ස්වේච්ඡාවෙන් මම වැඩ කරලා තියෙනවා. එහෙම වැඩ කරගෙන යද්දි මට දැනුණු දෙයක් තමයි හැමදාම මේ විදිහට ම කරගෙන ගිහින් හරියන්නේ නැහැ, මීට වඩා දේශපාලනීකරණය විය යුතුයි කියා. එය මට වඩාත් දැනුනේ මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ පත් කිරීමේ ගැටලුවත් එක්ක යි. අපි ඊට වඩා සක්‍රීය ව දේශපාලනය දිහා බලන්න නැති වුණොත් කවදා හරි අපේ දරුවන් ව යොමු කරවන්න වෙන්නේ විනයක් නැති සමාජයකට යි. ඒ ජරාජීර්ණ දේශපාලනය ගැන ඇති වුණු කළකිරීම නිසා මම වෙනස් විදිහට දේශපාලනය දකිමින් මගේ දේශපාලන කටයුතු සක්‍රීය කළා. ඒ වෙද්දි ප්‍රධාන පක්ෂ දෙක මට එපා වෙලයි තිබුණේ. විකල්ප දේශපාලන මත ධාරාවක් මම සොයා යන්නේ ඒ එපාවීමත් එක්කයි.

ජාතික ජන බල වේගය:- මම ජාතික ජන බලවේගය සමග වසර කිහිපයක් තිස්සේ වැඩ කරගෙන ආවා. වගකීම් දැරුවා. ඒ ගමනේ තීරණාත්මක අවස්ථාවක් හැටියට තමයි මෙවර කොළඹ මහා නගර සභාවේ නගරාධිපති ධූරයට මම පළාත් පාලන මැතිවරණයට අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වුණේ. පවුල් දේශපාලනය කියන දේට ලඝු වෙන්න මට බැහැ. ගෙවල්වල මිනිස්සු දේශපාලනය කරන නිසා අපිත් දේශපාලනය කරන්න ඕනේ කියන පටු සීමාවල මම නැහැ. අපට අපේ ම තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන සහ අපේ දරුවන්ගේ අනාගතයට යහපතක් වෙයි කියලා පෙනෙන දේශපාලනය මම තෝරා ගන්නවා. ඒ තෝරා ගැනීම ප්‍රතිපත්තිම ය යි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට මම එකඟයි. විශේෂයෙන් ම ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති තීරණවල කාන්තාව සම්බන්ධ ප්‍රතිපත්තිවලට මම බොහො ම කැමතියි. ඒ කොටසට ඉතා හොඳින් සම්බන්ධ වෙලා වැඩකරන්න පුළුවන් බව මට දැනුණා. ඒ අනුව තමයි මම 2019දී ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳ ගන්නේ.

88/89 පිළිබඳ මතකය:- 1988 හා 1989 කාලයේ රටේ ඇතිවුණු තත්ත්වය පිළිබඳ මට ලොකු මතකයක් නැහැ. මම ඒ කාලේ වයසින් ගොඩාක් අඩුයි. නමුත් මගේ ගෙදර අයට නම් ඒ ගැන මතකයන් තිබුණා. මගේ දෙමපියෝ ඒ කාලේ ඉතා තරුණයි. ඔවුන් වාමාංශික දේශපාලනයට විරුද්ධ ව නිතර ම ගෙවල්වල කතා කළා. ඒ දේශපාලන කියවීම වසර ගාණක් තිස්සේ මාත් එක්ක ම බොහෝ දුරක් ඇවිල්ලා මෑත කාලයේදී අද මම හිතන ආකාරයට වෙනස් සිතුවිලි සමග දේශපාලන චින්තනයේ වෙනසකට මම අවතීර්ණ වුණා.

රට ගොඩ නැගීම:- අපේ රටේ දැන් තියෙන ප්‍රශ්න හැම දෙයක් ම බැඳිලා තියෙන්නේ දැනට මේ රටේ තියෙන දේශපාලනය එක්කයි. අපි මෙච්චර කල් හිතාගෙන හිටියා නම් දේශපාලනය වෙනම, ආර්ථිකය වෙනම, සමාජය වෙනම කියලා ඒක එහෙම නෙවෙයි. ඒ හැම දෙයක් ම දේශපාලනය එක්ක එකිනෙකට බැඳිලා තියෙනවා. ආර්ථික අර්බුධයකට අපි හොඳට ම මුහුණ දෙන මේ කාලේ ඉතා පැහැදිලි ව පෙනෙන දේ තමයි මේ ආර්ථික අර්බුධය ඇති වෙලා තියෙන්නේ මේ තියෙන දේශපාලනය එක්කයි. ඒකට පැළැස්තර දාලා හරියන්නේ නැති බව දැන් අපේ රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්න නිසා ඉස්සරහට අපට වැඩ කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ ප්‍රතිපත්තිවලට ඉඩ දීලා හොරකම, දූෂණය, වංචාවෙන් තොර දේශපාලනයක් ඇති කිරීම තමයි රට ගොඩ ගන්න තියෙන එක ම විසඳුම වන්නේ. ඒ අනුව අලුත් නායකත්වයක් රටට අවශ්‍ය යි.

ජනතා විශ්වාසය දිනා ගැනීම:- ජනතාව වසර ගාණක් තිස්සේ දේශපාලන රැවටීම්වලින් හෙම්බත් වෙලා ඉන්නවා. ඒ නිසා ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම පහසු නැහැ. ජනතාව හිතන්නේ එකම දේශපාලනය කියලා යි. නමුත් එහෙම හිතලා අදේශපාලනික වෙලා අපට විසඳුමක් නැහැ, ඔක්කොමලා හොරු, කා එක්කවත් වැඩ කරන්න බැහැ කියන මතයට ම වැටුණොත් ඒකෙ වාසිය ගන්නෙත් හැමදාම දේශපාලනයේ වාසි ගත්ත එක්තරා පිරිසක් ම තමයි. අපි කියන්නේ ජනතාවට කොහොමටත් තනි පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තබන්න එපා කියාලායි. මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයට ගම් මට්ටමෙන් වැඩ කරමින් යන ජාතික ජන බල වේගයේ සහෝදර සහෝදරියන් ගැන හොඳට බැලුවොත් ගම් මට්ටමෙන් වැඩක් කරගෙන යන්න පුළුවන් සුහදශීලී, වටිනාකම් ඇති නායකත්වයට සුදුසු අය ඉන්නවා. ඒ අය එක්ක කතා කරලා, ප්‍රශ්න කරලා, එකතු වෙලා වැඩ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපේ දේශපාලනය ඉදිරියට යන්නේ ජනතාව සමගයි. අපි කියන පලියට කිසි දෙයක් විශ්වාස නොකර අපේ වැඩ හරහා ඉදිරියට යාමෙන් අප පිළිබඳ විශ්වාසය තහවුරු කරගත හැකි වෙනවා. 

පළාත් පාලන මැතිවරණය:- මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මැතිවරණයක් විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වන සමාජ ක්‍රමයක් ගොඩ නගා ගැනීම තමයි මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය හරහා ජාතික ජන බල වේගය අපේක්ෂා කරන්නේ. ඒ ආකල්පමය වෙනස ඇති කිරීමෙන් පමණයි මේ රටේ සමාජ, ආර්ථික සංවර්ධනය ගොඩ නැගීමට හැකි වන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂේඩ්ස් හිමිකරු අතුරුදන්වීමෙන් පසු ඔහුගේ ක්‍රෙඩිට්කාඩ් එකෙන්  ගුවන් ටිකට්  පහක් අරන්!

Next Post

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් හිමිපාණෝ ස්වර්ගස්ථ වෙති…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.