සූරියවැව නුවන් ජයසේකර –
පුපුරන ද්‍රව්‍ය වෙඩි බෙහෙත් හා වයර් සහිත ඩෙටනේටර් තොගයක් සමග අත්අඩංගුවට පත් සැකකරුවෙක් මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා ඊයේ (12 ) සවස නියම කර තිබේ.
තණමල්විල සූරිආර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදි මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි නොයෙල් අශෝක ගමගේ නැමති අයෙකි.
තණමල්විල පොලිස් බළ ප්‍රදේශයට අයත් සූරිආර ප්‍රදේශයේ අලුතින් ඉදිකරගෙන යනු ලබන හෝටලයක සැකකටයුතු පුද්ගලයෙකු සිටින බවට තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාරට ලද පුද්ගලික තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීමේදි සැකකරු සතුව තිබී පුපුරන ද්‍රව්‍ය වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 3ක් හා වයර් සහිත ඩෙටනේටර් 55ක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කුමන හේතුවක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේද යන්න මෙතෙක් අනාවරණය වි නොමැත් බව පොලිසිය පවසයි. කිසියම් අපරාධයක් සදහා මෙම පුපුරණ ද්‍රව්‍ය සැකකරු විසින් රැගෙන ආවේද යන්න පිළිබදවවිමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ වැල්ලවාය මහේස්ත්‍රාත් වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නිම කෙරුණි.
තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පි බණ්ඩාර,පොලිස් සැරයන් (18324)ප්‍රසාද්,පොලිස් කොස්තාපල්වරුන් වන (96054)අජිත් හා සුරේෂ් යන නිළධාරින් එක්ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කර තිබේ.







