ලලිත් චාමින්ද –
වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානකගේ මාමණ්ඩිය වූ ගාල්ලේ කෝටිපති ව්‍යාපාරික ලලිත් වසන්ත මෙන්ඩිස්ගේ සිරුරේ තිබු වෙඩි උණ්ඩ කොටසක් කිහිපයක් පරික්ෂණ කටයුතු සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කළ බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.
මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුරේ තිබි උණ්ඩ කොටස් 04ක් පමණ පශ්චාත් මරණ පරික්ෂණයේ දි සොයාගෙන ඇති අතර එම උණ්ඩ කොටස් පරික්ෂණ කටයුතු සඳහා රජයේ රසපරික්ෂකවරයා වෙත යොමුකොට ඇත.
කෝටිපති ව්‍යාපාරිකයාට වෙඩි තබනු ලැබුවේ මෙම උණ්ඩ නිකුත් වි ඇති කුමණ අවියකින් ද කියා පරික්ෂාකොට බැලීම සදහා මෙම උණ්ඩ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබිය.
ඝාතනයට ලක්වු ව්‍යාපරිකයාගේ හිසට, මොළයට, උදරයට, දෑත්වලට වෙඩිවැදි තිබු බව පශ්චාත් මරණ පරික්ෂනයේ දි අනාවරණය වි ඇත.
උණ්ඩ 10කට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාපාරිකයාගේ සිරුරේ විවිධ ස්ථානවලට වැදි තිබු අතර හිසට හා මොලයට වු බරපතල තුවාල නිසා ව්‍යාපරිකයාගේ මරණය වී ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය.
ගාල්ල ඩික්සන් මාර්ගයේ ආණ්ඩුකාර කාර්යාලය අසලදි ලලිත් මෙන්ඩිස් සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වී තිබිණි.