ලබන මැයි 12 වෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර හෙද දිනය “කළු හෙද දිනයක්” නොකරන්නැයි සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලිමක් කරයි.
ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් අනුමත වී උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පිරිනැමීමට එකඟ වූ වසර 4ක හෙද උපාධිය වෙනුවට වසර 3ක හෙද උපාධියක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පිරිනැමීමට රජය කටයුතු කරමින් සිටින බැවින් මෙම කඩිනම් තීරණය වහාම නතර කරන්නැයි සංගමයේ සභාපති එස් . මැදිවත්ත ඉල්ලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති මෙම තීරණයට විරෝධය පළ කරමින් දිවයිනපුරා රෝහල්වල සේවයේ නියුතු හෙද හෙදියන් 1000 ගේ සහභාගිත්වයෙන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට යාමට නියමිතව ඇතැයි සංගමයේ සභාපති එස් මැදිවත්ත කියයි.
කිසියම් වෘත්තීය සමිතියක බලපෑම මත හෙද සේවාවට යම් අසාධාරණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන්නේ නම් ලබන මැයි 12 වෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර හෙද දින කළු හෙද දිනයක් බවට පත් කරන බව මැදිවත්ත මහතා අවධාරණය කරයි.