අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වීඩියෝත් එක්ක එළියට ආව තොප්පිගල ගැටකිඹුල්ලු  දුණුමඩලාවට වැවට ගිය කතාව…

by editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තොප්පිගල සිට මහනුවරට ඉකුත් ඔක්තෝබර් පළමුවැනිදා වැලි ප්‍රවාහනය කළ ලොරියේ සිටි කිඹුල් පැටවු දෙදෙනා මහනුවර දුනුමඩලාව රක්ෂිතයේ  දුනුමඩලාව වැවට මුදා හැරීම බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ.

මේ හේතුවෙන්  ජෛව පාරිසරික තත්ත්වයන්හි බරපතල වෙනස් වීම් රැසක් නිර්මාණය වනු ඇතැයි    මධ්‍යම කඳුකර සුරැකීමේ සංවිධානය විද්‍යාත්මක හේතු ගණනාවක් ඉදිරිපත් කරමින් චෝදනා කරයි.

මෙම පැටවු දෙදෙනා ගැහැණු සහ පිරිමි සතුන් දෙදෙනෙකු ව සිටියේ නම් අධි සංවේදී සංරක්ෂිත පාරිසරික කලාපයක් වන දුනුමඩලාව රක්ෂිතයේ දුනුමඩලාව වැව ආශ්‍රිත කලාපයේ ජෛව විවිධත්වය විකෘති වීමේ අවදානම එම සංවිධානයේ කැඳවුම්කරු අමිත් සේනානායක පෙන්වා දෙයි.

තොප්පිගලට ගෙනියන්න කී කිඹුල් පැටවුන්ට වුණු දේ..

තොප්පි ගල සිට ගෙන ආ වැලි ලොරිය මහනුවර කුඩා රත්වත්ත පාරේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන වෙළඳසැලක (හාඩ්වෙයාර්)දී ගොඩබාන අවස්ථාවේ මෙම කිඹුල් පැටවුන් දෙදෙනා හමුවී තිබිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ලොරි රථයේ රියදුරු එම අවස්ථාවේ පවසා තිබුනේ ලොරියට පැටවූ වැලිගොඩෙහි කිඹුල් බිත්තර විශාල සංඛ්‍යාවක් තිබූ බවය.

වැලිගොඩහි සිටි කිඹුල් පැටවුන් දෙදෙනා සම්බන්ධයෙන් එම අවස්ථාවේ වනජීවී නිලධාරීන්ගෙන් විමසන කල නැවත උන් තොප්පිගලට ම ගෙන ගොස් දමන ලෙස දැන්වූයේ යයිද ඔහු කියා සිටියේය.

නමුත් මෙම අවස්ථාවේ ඊට මැදිහත් වූ මහනුවර නගර සභාවේ නිලධාරීන් මෙම කිඹුල් පැටවුන් දුනුමඩලාව වැවට ගෙනගොස්  දැමීමට පියවර ගෙන තිබිණි. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනතට අනුව වන සතුන් සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඇත්තේ වනජීවී නිලධාරීන්ට පමණි.

වැවට දැම්මාදැයි දන්නෙ නෑ

මේ සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසන කල ඔහු කියා සිටියේ එම කිඹුලන් නිශ්චිත වශයෙන්ම දුණුමඩලාව වැවට දමා ඇද්දැයි නොදන්නා බවය.

එම සතුන් නැවත වනජීවී නිලධාරීන්ට බාර දුන් බවක්  තමන්ට දැනගන්නට ලැබූ බව ද හෙතෙම කීය. කෙසේ නමුත් මෙම සතුන්ට සිදු වූයේ කුමක්ද යන්න නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා දැන් වූ බවද කොමසාරිස්වරයා කියා සිටියේ ය.

හැල කිඹුල්ලු

ශ්‍රී ලංකාවේ වෙසෙන කිඹුල් වර්ග දෙක වන මිරිදිය හැල කිඹුලා සහ විශාලත්වය වැඩි ගැට කිඹුලා අතරෙන් මෙම පැටවු දෙදෙනා හැල කිඹුල් වර්ගයට අයත් බවට සැක කෙරේ.

රතු දත්ත පොතේ වඳ වී යන සත්වයින් ගණයට අයත් මෙම කිඹුල් වර්ග ආරක්ෂා කිරීම වනජීවී නිලධාරීන් සතු පූර්ණ වගකීමකි.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක අංශයේ ප්‍රධානී හසිනි සරච්චන්ද්‍ර කියා සිටියේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ න ජීවීන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ වනජීවී දෙපාර්තමේන්තුව විසින් බවය.

කිඹුල් බිත්තර දමා තිබූ පරිසර පද්ධතියෙන් වෙනස් වූ විටද වෙනස් පරිසරයක ජීවත් වීමට සිදු වූ විටද කිඹුලාගේ පැවැත්මට ඉන් බලපෑමක් ඇතිවන බව ද ඇය කියා සිටියාය.

 වැඩේ වැරදියි…

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා දැනුවත් ව නොසිටි බවත් මෙවැනි සිද්ධියක් නිශ්ඡිතව සිදු වී ඇත්දැයි සෙයා බැලිය යුතු බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මේ දැක්වෙන්නේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සැක පහළ කරන නිශ්ඡිතවම වූ සිද්ධිය ය.


මෙම සිද්ධියට අදාළව වන ජීවි හා     අමාත්‍ය සී බී රත්නායක   කියා සිටියේ කිඹුල් පැටවුන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලබා දුන් විට  වනජීවී නිලධාරීන්ගේ වගකීම වන්නේ එම සතුන් තමන්ගේ භාරයට ගැනීම බවය.

එම සතුන් නැවත ලොරියෙ දමා යෑම සුදුසු ක්‍රියාවක් නොවන බව ද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන් බව ද ඇමැතිවරයා කීය

Share69Tweet43
Previous Post

තෙල් මිල අද රෑ හෝ හෙට වැඩිවෙන්නේ නෑ

Next Post

ISIS දෙවැනියා ඉරාකයේ අත්අඩංගුවට ! ඇමෙරිකාවෙන් ඔලුවට ඩොලර් මිලියන 5ක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.