උපේක්ෂා උඩුවැරැල්ල-
දැනට සති දෙකක සිට විවාපත් වන මනාල මනාලියන්ට හා විවාහයට දින නියම කරගත් පෙම්වතුන්ට සිය මංගලෝත්සව සඳහා ඡායාරූප කරණයට හා මංගලෝත්සවයට පෙර කරන ඡායාරූපගත කිරීම් වලට උද්භිද උද්‍යානය විවෘත කර ඇති බව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශෙලෝමි ක්‍රිෂ්ණරාජා අද (03) පැවසීය.
සියලු සෞඛ්‍ය නීතිවලට යටත්ව මහජනයා වෙනුවෙන් ඉදිරි දෙසතිය තුළ උද්භිද උද්‍යානය විවෘත් කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂවරිය පැවසුවාය. මේ සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා පසුගිය දා පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමක් කැඳවා තිබිණි.