ශ්‍රියානි විජේසිංහ –
රිජ්වේ ආර්යා ළමා රෝහලේ 8වන වාට්ටුවට ළමුන් ඇතුළත් කිරිම සීමා කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජී. විජේසූරිය සඳහන් කරයි.
රාත්‍රී 8 සිට උදෑසන 8 දක්වා කාලය තුළ රෝහලට ගෙන එන රෝගී දරුවන්ට දිනකට එක් වාට්ටුවක් බැගින් වෙන් කර එම වාට්ටුවට රෝගීන් ඇතුළත් කර පසුව එම රෝගී දරුවන් වෙනත් වාට්ටුවෙත මාරුකිරිම සාමාන්‍ය ක්‍රියාපටිපාටියවන අතර මෙසේ ඇතුළත් කරන දරුවන් 8 වාට්ටුව වෙත ඇතුළත් කිරිම තාවකාලිකව නතර කර ඇති බව ලංකාසාර කළ විමසුමකදී අධ්‍යක්ෂවරයා පැවසුවේය.
හදිසි ඇතුළත් කිරීම තාවකාලිකව නතර කළද දෛනිකව ඇතුළත් කරන රෝගීන්‌ගේ 8 වාට්ටුවට ඇතුළත් කිරීමේ වෙනසක් කර නොමැති බවද හෙතෙම පැහැදිලි කළේය.
කෙසේ නමුත් 8 වාට්ටුව භාරව සිටින විශේෂඥ වෛද්‍යවරියෙගේ දරදඬු හැසිරීම හා සැරපරුෂබව හේතුවෙන් වාට්ටුවේ සේවය කළ වෛද්‍ය නිලධාරීන් තුන්දෙනාම මාසයක කාලයක සිට සේවයට වාර්තා කර නොමැති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසිය.
කෙසේ නමුත් විශේෂඥ වෛද්‍යවරියගේ සැරපරුෂකම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ගෙන් වෛද්‍යවරු ඉවත් වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.