දැනට විදේශගතව සිටින වෛද්‍යවරුන් 700ක් ඉදිරි වසර දෙක ඇතුළත විශේෂඥ පුහුණුව අවසන් කර ආපසු පැමිණෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරෝකථනය කළ ද මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්වය තුළ එවැනි සම්භාවිතාවක් නොමැති බව ජ්‍යේෂඨ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
පසුගිය කාලය තුළ රටින් පිටවයන වෛද්‍යවරුන් සංඛ්‍යාව සහ නැවත පැමිණෙන වෛද්‍යවරුන් සංඛ්‍යාව සංසන්දනය කිරීමේදී එම සංඛ්‍යාත්මක අගයන් අතර විශාල අන්තරයක් ඇති බව මේ සම්බන්ධව ඩේලි මිරර් වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දී තිබිණි.
2016 සිට 2023 දක්වා විශේෂඥ පුහුණුව සඳහා විදේශගත වූ 168ක්වන ළමා රෝග ක්ෂේත්රයේ වෛද්‍යවරුන්ගෙන් යලි මෙරටට පැමිණ ඇත්තේ 98 දෙනෙක් පමණක් බව මෙම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම විශේෂඥ පුහුණුව සඳහා 2016 සිට 2023 දක්වා කාලය තුළ විදේශගත වූ නිර්විදන ක්ෂේත්රයේ වෛද්‍යවරුන් 200 දෙනෙකුගෙන් යළි දිවයිනට පැමිණ ඇත්තේ 108 දෙනෙකු පමණක් බව ඔහු උදාහරණ සහිතව පැහැදිලි කරයි.
ඛේදනීයම සංඛ්‍යා දත්ත හෙළිදරව්ව වන්නේ විශේෂඥ පුහුණුව සඳහා වර්ෂ 2022 දී විදේශගතවූ ළමා රෝග ක්ෂේත්රයේ වෛද්‍යවරුන් 32න් යළි ලංකාවට පැමිණ ඇත්තේ තිදෙනෙකු පමණක් වීමය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දෙන අවදානම් පිළිබඳ කෙරෙන මෙම සාධනීය අනාවරණයේ දි රට හැර යන වෛද්‍යවරුන්ගෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් නැවත පැමිණීමට ඉඩක් නොමැති බව තහවුරු වී තිබේ.
මේ අතර, වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2016 වසරේ සිට මේ දක්වා මෙරටට පැමිණ නොමැති විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 160කි.
කෙසේ වෙත්ත මෙම ගැටළු පිළිබඳව අවධානය යොමු කළ විට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ දැනට විදේශයන්හි වෛද්‍ය විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරුන් 700 ක් ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවය.
මේ වසරේ වෛද්‍යවරුන් 300 ක් නැවත පැමිණීමට නියමිත බවත් ඉතිරි 400 වර්ෂ 2024 දී නැවත පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කර ඇත.
ප්‍රාදේශීය රෝහල්වල ඇති විය හැකි විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා එම තත්ත්වය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා පවසා තිබිණි.
කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි දැනට විදේශගතව සිටින වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් නැවත මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අඩු බව බොහෝ විද්වත්හු එකඟ වෙති.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ අඩු වැටුප්, ඉහළ බදු, සීමිත වෘත්තීය අවස්ථා, දුර්වල සේවා තත්ත්වයන්, සම්පත් හිඟය, උපකරණ සහ රෝහල්වල කාර්ය මණ්ඩල ගැටලු, දේශපාලන අස්ථාවරත්වය සහ ප්‍රමාණවත් රැකවරණයක් නොමැති වීම ඇතුළු කරුණු රාශියක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් රට හැර යාමට පටන්ගෙන ඇති බව අනාවරණය වී ඇත.
ඩේලිි මිරර් –