මේ වනවිට රටේ තීරණාත්මකව මතු වී ඇති දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශයට පත් කෙරෙන විශ්වාසභංග යෝජනාව අසාර්ථක වනු ඇතැයි විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
විශ්වාසභංගය සඳහා ආණ්ඩුවෙන් උදව් කරන බවට ඉඟි පලකළ කණ්ඩායම් මෙන්ම ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල්, ගම්මන්පිල, වාසු, සහ ශ්‍රීලනිප කණ්ඩායම මේ වනතුරුත් ඊට අත්සන් තබා නැති බව වාර්තා වේ.
එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ කිසිම එකඟතාවයකින් තොරව විශ්වාසභංගයකට අත්සන් කිරීමට බොහෝ දෙනා අකමැත්ත පල කර ඇති බව කියැවේ.
මේ වනවිට විපක්ෂයේ සියලුම ප්‍රධාන පක්ෂ මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
ජාතික එකඟතා ආණ්ඩුවක් ගොඩනගා ගැනීම සඳහා විශ්වාසභංගයකට නොගොස් එක් යහපත් ක්‍රියාමාර්ගයක් ලෙස අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත්වීම ආණ්ඩුව පැත්තෙන් ප්‍රතික්ෂේප වී තිබේ. ඊයේ ඉල්ලා අස්වන බව කී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ තියන තත්ත්වය තුළ තමන් කිසිසේත් ඉල්ලා අස්වීමට සූදානම් නැති බවය.
භූමියේ දේශපාලනයට ඇහුම්කන් නොදී ආණ්ඩුවේ බලය අත් නොහැර ආණ්ඩුව කරගෙන යන දේශපාලන මැරකම මෙන්ම ස්වාධීන වූ බව පෙන්වමින් ආණ්ඩුව ස්ථාවරව පවත්වාගෙන යෑමට උදව් කරමින් සිටින දේශපාලන කණ්ඩායම් අවසානයේ දී දැනුම්වත්ව රට බරපතල ව්‍යසනයකට ඇදගෙන යනු ඇති බවත්, හෙට ඇරඹෙන හර්තාල් ව්‍යාපාරයත් සමග බලය ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුවත් මර්ධනය යොදා ගනිමින් හැසිරීමේ ඉඩකඩක් ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.