දිනසේන රතුගමගේ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ඔහු සමග ගිය නිලධාරීන් හා ආරක්ෂක නිලධාරීන් පිරිසක් පාවහන් පැළඳ කෝවිල්වලට ඇතුලුවීම සම්බන්ධයෙන් යාපනයේ කෝවිල් බාරකාර පූජකවරුන්ගේ සංගමය ඊයේ ( 23 ) සිය අප්‍රසාදය පලකොට තිබේ.
මෙම පිරිස කෝවිවලට ඇතුලු වන අවස්ථාවේදීම කෝවිල් බාරකාර පූජකවරුන් පාවහන් ගලවා කෝවිල්වලට ඇතුලු වන ලෙසට දැනුම් දී ඇති අතර කෝවිල් ඉදිරි පිට සවි කරණ ලද දැන්වීම් පුවරුවලද පාවහන් නොපළදින ලෙස දැනුම් දී තිබේ.
තත්ත්වය මෙසේ තිබියදී ඔවුන් කෝවිල්වල ගරුත්වයට හානි වන ලෙස පාවහන් පැළඳ හැසිරීම සම්බන්ධයෙන් යාපනයේ කෝවිල් බාරකාර පූජකවරුන් සිය අප්‍රසාදය පල කොර මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබේ.