ජූලි 09 දා රටම අකර්මණ්‍ය කරමින් හර්තාල් ව්‍යාපාරයක් කැඳවීමට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ කණ්ඩායම් කීපයක වෘත්තීය සමිති තීරණය කර ඇත.
මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කරන ආකාරය පිළිබඳව සැලසුම් කිරීම සඳහා විපක්ෂයේ එම පක්ෂ හා කණ්ඩායම් මෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විනි.
ජනාධිපති හා අගමැති වහා ගෙදර යා යුතු බවට බල කරමින් පැවැත්වෙන මෙම හර්තාල් ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා රටේ සියලුම පක්ෂ හා සංවිධානවල සහයෝගය ලබා ගැනීමට සමගි ජන බලවේගය අපේක්ෂා කරයි.
හර්තාල් ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණ එක්වීම සම්බන්ධව මෙතෙක් එකඟතාවයක් පල කර නැති අතර ඔවුන්ගේ සහ විපක්ෂයේ තවත් කණ්ඩායම් කීපයක අදහස වී ඇත්තේ හර්තාලයක් ඇරඹීමට ජූලි 09 තෙක් බලා සිටීම කල් වැඩි බවය.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ජූලි 09ට පෙර රටේ සියලු වැඩ කටයුතු අකර්මණ්‍ය කරමින් එක් දින හර්තාලයක් කිරීමට සැලසුම් කර ඇති බවත් ලංකාසරට වාර්තා වේ.