විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කීපයක විරෝධය මත අද දිනයේ මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත විවාදයට ගැනීමට නියමිතය.
ඊයේ මේ සම්බන්ධව පක්ෂ නායක රැස්වීම් දෙකක් පැවැත්විනි. පළමු පක්ෂ නායක රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වුනේය. ඒ අවස්ථාවට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය විසින් වර්ජනය කර තිබිණි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ඒ රැස්වීමට රවුෆ් හකීම්, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ කීපයක් සහ පොදු ජන පෙරමුණේ පිරිස සහභාගී වී සිටියහ. මෙම පනත අදම විවාදයට ගැනීමට අවශ්‍ය බව පොදු ජන පෙරමුණ විසින් අවධාරණය කර තිබිණි.
අනතුරව ඊයේ සවස කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුනේය. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීම වර්ජනය කළ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශව මේ අවස්ථාවට එක් වූයේය.
මෙම පනතට පූර්ණ වශයෙන් එකඟ වන නමුත් එය මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති මේ අවස්ථාවේ රැගෙන නොඑන ලෙස මේ පක්ෂ නායකවරු ඒකමතිකව ඉල්ලා සිටියහ. කෙසේ නමුත් ඒ විරෝධය නොසලකා අද එම පනත විවාදයට ගැනීමට කතානායකවරයා තීන්දු කළේය.
විපක්ෂයේ සියලුම ප්‍රධාන පක්ෂ පෙන්වා දෙන්නේ මේ ඉතාම යහපත් පනත ඉතාම නුසුදුසු වෙලාවක රැගෙන විත් මේ උත්සාහ කරනනේ ඡන්දය කල් දැමීමට බවය. ඡන්දයෙන් පසුව මෙම පනත රැගෙන විත් සම්මත කරගැනීම සඳහා විපක්සය යෝජනා කර තිබිණ. නමුත් එය සිදුවූයේ නැත.