නතාෂා නෙත්මිණි –
විදේශීය සංචාරකයින් මෙරට නවාතැන් ගෙන තිබෙන හෝටල් හී සේවකයින්ට ඔවුන් සේවය කරන හෝටල්වලින් පිටවීම තාවකාලිකව තහනම් කර ඇතැයි යුධහමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා සඳහන් කරයි.
විදේශීකයන් මෙරටින් පිටව ගිය පසුවද දින 14ක් යන තෙක් සංචාරකයින් නවාතැන් ගෙන තිබූ හෝටල්වල සේවකයින් නිරෝධායනයට යොමු කරන බව ද ජෙනරාල්වරයා පැවසීය.
විදේශීය සංචාරකයින්ව විශේෂ ස්ථාන හතරක් වෙත රැගෙන යාමට නියමිත අතර එහිදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සමග ගැටීමට මුලුමනින්ම තහනම් කර ඇති බවද හෙතෙම අවධාරණය කරයි.