සුමිත් පොතුපිටිය
විදෙස් රටක නිශ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වැලිපැන්න විශේෂ කාර්ය බලකා කදවුර පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිස් බලප්රදේශයේ හොරහේන බදුගම ප්රදේශයේ පදිංචි (62) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරුගේ නිවසෙහි ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත මෙම විදෙස් රටක නිශ්පාදිත බෝර 12 ගිනිඅවිය සහ එම අවියට යොදන උණ්ඩ 2 ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය.
කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව සදහන් වේ.
සැකකරු මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
මතුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති