භාෂිකා හීන්දෙණිය –
ඇතැම් විදෙස් රටවල් සඳහා සංචාරය කිරීමේදී අවශ්‍ය වන කහ උණ එන්නත පසුගිය පෙබරවාරි මාසයේ සිට මෙරටට ගෙන්වා නැති බව වාර්තා වේ.
කහ උණ සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති රටකට ගමන් කරන වයස අවුරුදු 1 ට වැඩි පුද්ගලයින් සඳහා කහ උණ එන්නත අනිවාර්ය වේ. එසේම, එවැනි රටක පිහිටා ඇති ගුවන් තොටුපළක පැය 12 කට වඩා වැඩි කාලයක් ගත කරන සියලුම පුද්ගලයින් කහ උණ එන්නත් ලබා තිබීම අනිවාර්ය වේ.
ඇතැම් රටවලට ඇතුළු වීමේදී හෝ පිටවීමේදී සමහරක් රෝගවලට එරෙහිව එන්නත් කළ බවට සාක්ෂි අවශ්‍ය වේ. මීට අමතරව, සංචාරක ගමන් මාර්ගය, සංචාරය අතරතුර සිදු කිරීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් සහ රෝගවලට නිරාවරණය වීමේ අවදානම මත පදනම්ව සංචාරකයින් සඳහා නිර්දේශිත එන්නත් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කහ උණ එන්නත් මධ්‍යස්ථානයකින් කහ උණ එන්නත ලබා ගත් අයට රෝග නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (ICVP) ලබාදෙනු ලබන අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ එකම අවසරලත් ස්ථානය කොළඹ 8, වෛද්‍ය පර්යේෂණායතන පරිශ්‍රයේ පිහිටා ඇති සහකාර වරාය සෞඛ්‍ය නිලධාරී කාර්යාලයයි.
මෙම එන්නත ලබා ගැනීමට ගෙවීමක්ද කළ යුතු වුවත් තත්ත්වය එසේ තිබියදී මෙරටට පසුගිය පෙබරවාරි මාසයේ සිට කහ උණ එන්නත ගෙන්වා නොමැත.