අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල වැඩි කිරීමේ තීරණය ගන්න ඇමති මණ්ඩලේට බලයක් නෑ!

Dr Tilak Siyambalapitiya, an energy expert, says

by Lankasara News
දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි බල පනත ප්‍රකාරව රටේ සම්මත නීතියට අනුව විදුලි බිල අඩු කිරීමට හෝ වැඩිකිරීම පිළිබඳව තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලයට කිසිදු බලයක් නොමැති බවත් නීතිය නොසලකා ලබන වසරේ අදියර දෙකකින් විදුලිය වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ඇසීමෙන් තමන් පුදුමයට පත් වූ බවත් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ විදුලි අර්බුදය මේ තරම් බරපතල තැනකට ඇද වැටී ඇත්තේ වර්ෂ 2104න් පසු, දත්ත මත පදනම් නොවී ලබාගත් මෙවැනි දේශපාලන තීන්දු හේතුවෙන් බවය.

නෙත් නිවුස් සමග සංවාදයකට එක් වෙමින් ඔහු පැවසුවේ මෙසේය.

“විදුලි බිල වැඩි කිරීමට හෝ අඩු කිරීමට කැබිනට් අනුමැතියක් අවශ්‍ය නෑ. රටේ තියන විදුලි බල පනතේ කියලා තියෙන්නේ මේ විදිහට රටේ විදුලිය සැපයුමේ වියදම එම විදුලි සැපයුම් ආයතන විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. එම ඉදිරිපත් කළ මිල ගණන් සලකා බලා එම වියදම් මහජන උපයෝගීතා කොමිසම අනුමත කළ යුතුයි. ඊට අනුරූපීව විදුලි බිල සකස් කළ යුතුයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙවැනිව පනතේ කියලා තියනවා මේ ක්‍රියාපටිපාටිය කරගෙන යෑම සඳහා අවශ්‍ය ලියවිලි මහජන උපයෝගීතා කොමිසම සකස් කළ යුතුයි. මෙම ලියැවිලි සකස් කරලා 2011 සිට හැම අවුරුද්දේම ජනවාරි සහ ජූලි මාසවල විදුලිය මිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමට බලය තිබුණා. එදත් තිබුණා. අදත් තිබුණා. දැන් තියන නීතියට අනුව කැබිනට් මණ්ඩලයට කිසිම වගකීමක් නෑ විදුලි බිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට. එම නිසා මා පුදුම වෙනවා කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගැනීම ගැන.

විවිධ දේශපාලන බලපෑම් හේතුවෙන් 2014 වසරෙන් පසු වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය කෙරුණේ නෑ. ඒ හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුව ඉහළ ගියා. “

“පාරිභෝගිකයාට යම් කිසි විදිහකට පහසුවක් වෙන්නෙ මිල අඩුකිරීම් සහ මිල වැඩිකිරීම් කලට වෙලාවට සිදුවෙනව නම් තමයි. එතකොට තමයි පාරිභෝගිකයාගෙ විශ්වාසයක් ඇතිවෙන්නෙ මිල නියම කිරීම සම්බන්ධයෙන්.“

“වර්ෂ 2014 විදුලි බිල අඩු කළා. ඒ අඩු කළේ දේශපාලඥයෙක්. මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි. අන්න එතනයි. ප්‍රධාන වැරැද්ද.“

“ඉන් පසු හැම ජනවාරි සහ ජූලි වලම මිල අඩුකිරීමට හෝ වැඩි කිරීමට හැකියාව තිබුණා. රටේ දේශපාලන වාතාවරණය තමයි විදුලිබල මණ්ඩලයට යෝජනාවක් යවන්නේ. දේශපාල වාතාවරණය බලලා තමයි මහජන උපයෝගීතා කොමිසම ඒ යෝජනාව භාරගන්නෙ හෝ නොදන්නේ.‘ යනුවෙන්ද ආචාර්ය සියඹලාපිටිය තවදුරටත් සඳහන් කළේය.

මෙවැනි ඉතාම කණගාටුදායක ක්‍රියාපටිපාටියක අවසානයේ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 500කට වඩා විවිධ බැංකුවලට සහ විවිධ සැපයුම්කරුවන්ට ණය වී ඇතැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහසට වෙඩි තැබූ නීතීඥයෙක් පානදුරේදී අත්අඩංගුවට !

Next Post

මන්ත්‍රීවරියෝ තැඹිලි පාට වෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.