විදුලි කප්පාදුවේ දී ඔන් ලයින් අධ්‍යාපනය ගැන හිතන්න බෑ – මහජන උපයෝගීතා කොමිසම….

විදුලි කප්පාදුව සිදුකිරීම සහ පාසැල් අධ්‍යයන කටයුතු සිදු කිරීම යන කරුණු දෙකම සම්බන්ධයෙන් එක ලෙස ප්‍රමුඛතාව ලබාදිය නොහැකි බව   මහජන උපයෝගීතා  කොමිසමේ සභාපති ජනක රත්නායක  පවසයි.

අද සිට ජූලි 03 වනදා දක්වා දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේදී කොටස් 02ක් වශයෙන් කලාප අනුව විදුලිය කප්පාදු  සිදුකිරීම සම්බන්ධව කළ විමසුමකදී  ඔහු ප්‍රකාශ කළේ  රටේ පවතින තත්ත්වය මත  උදෑසන කාලයේදී විදුලි කප්පාදුවක් සිදුවුවහොත් එවැනි තත්ත්වයකදී ඔන්ලයින් ක්‍රමය හරහා පාසැල්වල ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අවධානයක් ලබාදීමට  නොහැකි බවය.

කෙසේවෙතත් අද සිට 03 වනදා දක්වා විදුලිය කප්පාදු කෙරෙන කාලසටහනට අනුව විදුලි කප්පාදුව ආරම්භ කෙරෙන්නේ පස්වරු 01  සිට ය.

ඒ අනුව අද සිට 03 වනදා දක්වා වූ කාලය තුළ A සිට L සහ P සිට W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට  මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී ඇත.


CC කලාපය සඳහා ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 6 සිට උදෑසන 08  දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර M,N,O,Y,Z යන කලාප සඳහා ද ජූලි මස 02 වනදා සහ 03 වනදා හැර අනෙකුත් දිනවලදී උදෑසන 5 සිට උදෑසන 08  දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන  බව මහජන උපයෝගීතා කොමිසම දන්වයි.

 

Exit mobile version