ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.
අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
“විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පසුගිය සමයේ අපගේ යෝජනා නීති කෙටුම්පත් කාර්යාලයට ලබා දුන්නා. නීති කෙටුම්පත් කාර්යාලය එය සකස් කර නීතිපතිවරයාට යොමු කර තිබෙනවා. “
“මෙම සතිය තුළ ඒ සඳහා අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා විසින් මා වෙත දැනුම් දුන්නා.”
“ ඒ අනුව එලැඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.” අමාත්‍යවරයා පැවසීය.