දිනසේන රතුගමගේ –
සමූහ දූෂණයකට ලක් කොට මරා දැමූ යාපනයේ පුංගුඩුතීව් පාසල් ශිෂ්‍යාවක් වූ විද්‍යා දැරියගේ හයවන වර්ෂ පූර්ණ ගුණ සැමරුම ඇයව මිහිදන් කළ කයිට්ස් පුංගුඩුතීව් සුසාන භූමියේදී 15 දා පැවැත්වුණි.
විද්‍යා දැරියගේ මව විසින් සොහොන් කොතට මල්දම් පැළද වූ අතර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් හා කීප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගී වූහ.