අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැ.බ. පොලිස්පති තුමනි… පොලිසිය නිදහස් කරන්න… අපි දේශපාලනය කරමු!  

by editor
ජනවාරි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

නාරම්මල අහිසංකය වඩු කාර්මිකයාට මහ මගදී වෙඩි තබා ඝාතනය කළ පොලිස්යේ දූෂණ මර්ධන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති  උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන නාරම්මල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් රක්ෂිත බන්ධනාගරගතවය. ඔහු ලබන 23 දක්වා හිරේය.

මේ වනවිට මේ වෙඩි තැබූ එස්.අයි. මරාගෙන කෑම සමාජ මධ්‍ය ඔස්සේ සිදුකරන්නේය. පොලිසියේ ඉහළම තැන සිට වගකිම් දරන ඉහළ නිලධාරීන් සිද්ධියේ සමස්ථය සැකකාර එස්.අයි. පිට දමා අත් සෝදා ගැනීමට සූදානම් වන්නේය. එහෙත් සංඛ්‍යා දත්ත පසුපස යමින් සිදුකරන ‍සෙප්පඩ විජ්ජාවක ඛේදවාචකය නාරම්මල මහ පාරේදී දුටු ආකාරය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත.

ගුණවර්ධන එස්.අයි.

උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන නාරම්මල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ය. ඔහු වැඩ බලන ස්ථානාධිපති  වන්නේ  දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා පසුගිය 16 වැනිදා කොස්තාපල්වරයෙක් සමග එක් වී කසිප්පු කාරයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගනිමින් සිටිය දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුය.

නාරම්මල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන පෙරේදා (18) උදෑසන දූෂණ මර්ධන වැටලීම් සඳහා යන බව සඳහන් කර පොලිස් ස්ථානයෙන් පිටවී යන්නේය. එහිදී ඔහුත් ඔහු   හා ගිය සෙසු නිලධාරීන් පිරිසත් සිවිල් ඇඳුමින් යන බවට සටහනක් තබන්නේ නැත.  සටහන් තබා ඇත්තේ නිල ඇඳුමින් සැරසී රාජකාර සඳහා පිටත්වන ආකාරයටය.  ඔහු ගොස් ඇත්තේ යුක්තිය මෙහෙයුමේ වැටලීම් සදහාය. පො.සැ අමරතුංග ( 40935), පො.කො. කුලසේන (71817), කා.කො බාලසූරිය(9516) යන නලධාරීන් සමග ඔහු පිටත් වී ගොස් තිබේ.

නාරම්මල පොලිස් වසම තුළ කරක්ගසා ඇති මේ පිරිසට කිසිම සැකකරුවෙක් අත් අඩංගුවට ගැනීමට හැකි වී නැත.  දහවල් කාලයේ පොලිස් ස්ථානයට පැමිණි නිලධාරින් රාජකාරි අවසන් කිරීමේ සටහන් නොදමා පොලිස ස්ථානය තුළ මද වේලාවක් රැඳී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිවා ආහාරයෙන් පසු කාන්තා කොස්තාපල්වරිය සහ සැරයන්වරයා පොලිස් ස්ථානයේ රැඳී සිට ඇත.  එහෙත් කෙසේ හෝ නඩුවක් සොයා ගෙන දවසේ වැටලීම් ප්‍රමාණය සම්පූර්ණ කිරීමේ අභිලාෂයෙන් පොලිස් කොස්තාපල් කුලසේකර සමග උප පොලිස් පරික්ෂකවරයා තමන්ට අයත් පුද්ගලික යතුරු පැදියෙන් පොලිසියෙන් පිටවී තිබේ.

ටාර්ගට් කවර් කිරීම

කෙසේ වෙතත් සවස් කාලය වනතුරුත් ඔවුන්ට සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන සිය ඉලක්කය සම්පූර්ණ කරගැනීමට බැරිවී තිබේ. ඒ නිසා පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල හාල්වැල්ල හන්දිය අසල රැඳි සිට ඇත.

ඒ අවස්ථාවේ දී SG – PQ 7238 අංකය දරන ඩිමෝ බට්ටා වර්ගයේ ලොරිය ඒ ස්ථානයෙන් ගමන් කර තිබේ.  එම රථය අයත් වන්නේ පළාතම හොඳින් දන්නා වඩු කාර්මිකයෙකුටය. මේ අහිසංක මනුස්සයා ගැන පොලිසියත් හොඳින් දන්නේය. ඔහු මහාරච්චිමුල්ල වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  වන 41 හැවිරිදි  කේ.ඒ. රොෂාන්ත කුමාරසිරිය. ඔහු දරුවන් තුන් දෙනෙකුගේ පියෙකි. ගමේ රැකියා විරහිත තරුණයින් ගණනකට වඩු කර්මාන්තය හුරු කර ජීවනෝපාය පෙන්වා දුන් හිත හොඳ මහත්මයෙකි.

සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් මේ පුද්ගලයාට ලොරිය නතර කරන ලෙස සංඥා කර ඇති බව පැවසේ.  කළු පැහැති ජැකට් එක්ක සහිතව  සිටින මේ නිලධාරියා රථයට නවත්වන්නට සංඥා කරන්නේ අඳුරේ සිටය.  නැවැත්වීම සඳහා කිසිම සාධාරණ පදනමක් නොදකින රියදුරා රථය නොනවත්වා දිගටම ධාවනය කරන්නේය. මේ රටේ සිද්ධ වන දේ කල්පනා කරන විට ඔබත් මමත් මේ අත්දැකීමට මුහුණ දුන්නා නම් අප කරන්නේත් මෙයමය.  කළු ඇඳන් මහ මග නැවතී මහ රෑ වාහන නවත්වන උන් ලඟ වාහනයක් නැවැත්වීමට මා නම් කල්පනා කරන්නේ නැත.

රථය නොනවත්වා යන්නේය.  උප පොලිස් පරීක්ෂකවරයා රථය පිටුපසින් ලුහුබැඳ ගොස් නාරම්මල රම්මුතුගල පිහිටි එළවළු වෙළෙඳසලක් අසලදී රථය නවතා ගිනි අවියේ අගුළු ඉවත් කර රියදුරුගේ හිසට තැබූ බව ඇසින් දුටු සාක්ෂි සහිතව පොලිස් මූලික විමර්ශනවලදී දැන් හෙළි වී ඇත්තේය.

අගුලු ඉවත් කර හිසට එල්ල කර  තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත. සිද්ධියෙන් අනතුරුව පොලිස් නිලධාරියා හැසිරෙන කම්පිත ආකාරය වීඩියෝ දර්ශනවල පෙනෙන්නේය.

පොලිස් තොරතුරු කියන කතාව

පොලිස් තොරතුරු ප්‍රකාශ කරන්නේ මේ වඩු කාර්මිකයාගේ ලොරි රථය නතර කරන්නේ ලොරි රථය තුළ අනවසර ලී කැබැල්ලක් හෝ තිබේ නම් අත් අඩංගුවට ගෙන ටාගට් සම්පූරණ කිරීම සදහා බවය.

යුක්තිය මෙහෙයුම සිදුවන මේ වකවානුව තුළ පොලිස් ස්ථානයකින් පුද්ගලයින් 02ක් හෝ අත් අඩංගුවට නොගන්නේ නම් ඉහළ නිලධාරීන්ගෙන් එල්ලවන බරපතල පීඩනය පහළ නිලධාරීන්ට දරාගන්නට සිදුවන ආකාරය ගැන ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේය. මේ තත්ත්වය තුළ කවුරුන් හෝ දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන ටාගට් සම්පූර්ණය කිරීමේ මට්ටමට දැන් යුක්තිය පත් වී ඇති අයුරු පොලිසිය අනාවරණය කරන්නේය. හිරගෙවල් පිරෙන්නේ එසේ නම් මෙහෙයුමට කෙසේ වෙතත් යුක්තියට දෙයියන්ගේ පිහිටය.

අනෙක් අතින් කසිප්පු කාරයින්ගෙන් කුඩු කාරයින්ගෙන් කප්පම් ගෙන ජීවත්වන පොලිස් කාලකණ්ණින් සැබෑ ඉලක්ක වෙත නොගොස් මොකෙක් හෝ මහපාරෙන් අල්ලාගෙන කූඩුවට දැමීමේ අලජ්ජී ගේම මේ සිද්ධි දාමය තුළම    වෙමින් තිබෙන්නේය.

යළිත් විමසිය යුත්තේ ඇයි?

මේ   යුක්තිය සම්බන්ධව දැන් යළිත් විමසිය යුතුව තිබේ. නීතිඥවරුන්ට, රාජ්‍ය නොවන සංවිධානවලට බනිමින් යු.එන්. එක නොව, මොකා මොනවා කිව්වත් යුක්තිය මෙහෙයුම නවත්වන්නේ නැති බව කියන පොලිස් ඇමතිවරයා දැන් හැඟීම්බර නොවී යාථාර්ථය ස්ඵර්ෂ කරමින්  අලුතින් සිතිය යුතුව තිබේ. ඇමතිවරයා කියන කුඩුකාරයින් වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයන් සහ එන්ජීඕ නඩ ලෝකයට කියන්නේ නාමරම්ල දී පාරේ ප්‍රකාශයට පත්වුන අවුල බව එවිට ඔහුට වැටහෙනු ඇත.

දැන් වැබ පොලිස්පති ප්‍රශ්නය මුලින්ම විසඳන්නට යන්නේ නාරම්මල ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනයය කළ   ලොරිරථයේ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත   රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග  කිරීමෙනි.  ඒ දරුවන් තුන් දෙනාගේ තාත්තගේ ජීවිතයේ වන්දිය රුපියල් ලක්ෂ දහයකි. දරුවන් තිදෙනෙක් සහිත මේ දරු පවුලට පවතින ආර්ථිකය තුළ  යන්තම් මාස හතක් අටක් ජීවත් වීමට ප්‍රමාණවත් මුදලකි.

එසේම ඊයේ (19) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම්  කරමින් ඔවුන්ව බන්ධනාගාරගත කර ඇත. දැන් හරි ද?.

රටට පෙනෙන්නේ ඇමතිවරයා පවසන සැලසුම් සහගත දැවැන්ත මෙහෙයුම පොත්ත මේකප් කළ   කෝම්බයක්  බවය. නාරම්මල මහපාරේ මරා දැමූ අහිංසක වඩු කාර්මිකයා ගේ සිද්ධිය ඒ යථාර්ථය කියා දෙන්නේය.

වෙඩි තබා මරා දමා අහිංසක තිදරු පියාගේ ජීවිතය  ලක්ෂ 10කට තක්සේරු කළ වැඩබලන පොලිස්පතිවරයා ගැන ඇමතිවරයා මෙසේ කීවේ දින 02කට පෙරය.

“ එතුමාට පොලිස්පති කම දෙන්නේ නැතිනම් එතුමාට කරන්න ඕන තරම් වැඩ තියනවා. එතුමා දේශපාලනය කරන බව මම කියනවා”…

ඇත්තටම එතුමා හොඳ මේ ආණ්ඩුව පන්නයේ  දේශපාලනයටය.

පොලිසිය නිදහස්  වැඩබලන පොලිස්පති තුමාත් පොලිස් ඇමති තුමාත් එකම වේදිකාවක දේශපාලනය කරනු දැකීම දැන් මේ රටේ මිනිස්සුන්ගේ අපේක්ෂාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම්…

Next Post

විදුලි සේවක වැඩ තහනම ගැන කතා කරන්න  ඇමති සාකච්ඡාවක් දෙන්නේ නෑ… සමස්ථ විදුලිබල මණ්ඩල සේවකයෝ එක් දිනක ඉල්ලා අස්වීමට සැරසෙති! 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.