තුෂාරි කළුබෝවිල –
දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල වර්ෂාපතනයේ වැඩි වීමක් සිදුවන බව කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.
දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය නැගෙනහිර දෙසට බරව ඊසාණ දෙසට ගමන් කරමින් පවතින බව ද ඒ මහතා පවසයි.
ඒ අනුව උතුරු අක්ෂාංශ 5, නැගෙනහිර දේශාංශ 87-97 අතර මුහුද ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වහා ඉවත් විය යුතු බවත්, එම ප්‍රදේශවල දැනට රැඳී සිටින ධීවර යාත්‍රා වහා ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත කැඳවිය යුතු බවත් ඒ මහතා අවධානය කරයි