දිනසේන රතුගමගේ –
දින කීපයක් තිස්සේ උතුරට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මන්නාරම කිළිනොච්චිය හා මුලතිව් යන පළාත්වල කුඹුරු අක්කර 4000 ක් පමණ වැසි ජලයෙන් යට වී තිබේ.
ජලයෙන් යට වූ බොහෝ කුඹුරු අස්වැන්න නෙලීමට ආසන්නයේ තිබූ කුඹුරු නිසා ඒවායෙහි වී ඇට වැසි ජලයට පෙගී පැලවෙන්නට පටන් ගෙන ඇත.
මේ අතර මාස දෙකක් පමණ වයස ගොයම්ද වැසි ජලයෙන් දින කීපයක් යට වීම නිසා ගොයම් ගස් කුණු වෙන්නට පටන් ගෙන තිබේ.
මෙවර මෙම පලාත් වල කුඹුරු වලින් එතරම් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිව තිබියදී කුඹුරු වැසි ජලයට යටවීම නිසා ගොවීන් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිති.