අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකෙළියේ සිට දන්නා අයකු නිසා හෙළි වූ අන්තවාදී කල්ලියේ සාරාගේ ඇත්ත කතාව

by Lanka Sara Editor
ජූලි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයෙන් පසුගිය වසරේ අප්‍රියෙල් මස 26 වැනිදා සයින්දුමරුදු හී නිවසක් තුළ බෝම්බ පිපිරුම් කිහිපයකින් මරුමුවට පත්වූ 17 දෙනා අතර සිටි බව සදහන් වූ මහේන්ද්‍රන් පුලස්තිනි හෙවත් සාරා නැමැති කාන්තාව කුඩා දැරියකව සිටි කාලයේ සිට දැක ඇති ගමේ අසල්වසියකු ඇය අහම්බයෙන් හඳුනා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව ලද තොරතුර මත ඇය තවමත් ජීවතුන් අතර සිටින බව සහ මේ වන විට ඉන්දියාවට පලා ගොස් ඇති බව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණු බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ විශේෂ විමර්ශණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අද පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

මේ පිළිබඳව විමර්ශණයක නියැළුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසමේ විමර්ශණ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතා මෙම විශේෂ අංශය විසින් සිදු කරන ලද විමර්ශණවලදී ඇය ඉන්දියාවයට පලා ගොස් ඇති බව අනාවරණය වූ බවත් ඇයට ඉන්දියාවට පළා යාමට පහසුකම් සපයා දුන් පුද්ගලයින් තිදෙනකු සහ බෝට්ටුකරු සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවත් කොමිසම හමුවේ සදහන් කළේය.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මාහින්කන්ද මහතා මුලින්ම සදහන් කළේ සියෝන් දේවස්ථානයේ පිපුරුම, වවිනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, කාතන්කුඩි යතුරුපැදි බෝම්බ පිපුරුම, සමන්තුරේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම, නින්දවූර් නිවසක සැකකටයුතු පිරිසක් රැදී සිටීම සහ සයින්දුමරුදු නිවසක සිදුවූ පිපුරුම සම්බන්ධයෙන් පාස්කු කොමිසමේ විමර්ශන තමා යටතේ සිදුකරන බවය.

එකී විමර්ශන අතරතුර සයින්දුමරුදු වොලිවේරියන් හී නිවසක සිදුවූ පිපිරීමත් සමග එම ස්ථානයේ සිටි කාන්තාවක් අතුරුදන්ව ඇති බවට තොරතුරුකරුවෙකුගෙන් පසුගිය ජූලි 06 වෙනිදා තමාට තොරතුරක් ලැබුණු බවද මාහින්කන්ද මහතා කොමිසම හමුවේ පැවැසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම කාන්තාව සයින්දුමරුදු පිපුරුමෙන් පසු මාන්කාඩු ප්‍ර දේශයේ සැරිසරන බවට ද එම තොරතුරු කරු තමාට පැවැසූ බවද මාහින්කන්ද මහතා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් තමා කොමිසමේ විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කළ බවත් ඒ අනුව ඔවුන්ගේ උපදෙස් මත ජුලි 08 වෙනිදා තමා විමර්ශන කටයුතු සදහා මඩකලපුව බලා පිටත්ව ගොස් තොරතුරුකරු හමුවූ බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

එම තොරතුරුකරු මගින් ඇයව දුටු පුද්ගලයාව මුණගැසුණු බවද මාහින්කන්ද මහතා කීය.
මෙම පුද්ගලයා සාරා දැක ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ යම් දිනකදීය. තමන් රාජකාරි කටයුත්තක් සදහා තමාට අයත් කැබ් රථයකින් අළුයම 3.00 ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති අතර මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තමන් ගමන් කරමින් සිටියදී බීච් පාර ආසන්නටේ ප්‍රධාන මාර්ගයේ වම් පසට වන්නට බටර් පැහැති 250 අංකය දරණ පිකප් රථයක් සැකකටයුතු ලෙස නතර කර තිබුණු බවත් එම පුද්ගලයා පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත මෙම පුද්ගලයා තම රථයේ වේගය අඩු කර විමසිලිමත් වූ බවත් එවිට බීච් පාර දෙසින් කාන්තාවක් පැමිණි අතර ඇය පාස්කු ප්‍රහාරයේ දී නම සඳහන් වූ සාරා බව විදුලි පහන් කණුවේ ආලෝකයෙන් පැහැදිලිව හඳුනා ගත හැකි වූ බවද පවසා ඇත.

සාරා වයස අවුරුදු 10 සිට ජීවත්ව ඇත්තේ මෙම තොරතුරු ලබාදුන් පුද්ගලයා පදිංචිව සිටින නිවස ආසන්නයේ පිහිටි නිවසක බවත් ඇගේ නම ඔහු ඒ වන විට දැන නොසිටියත් සයින්දුමරුදු ප්‍රහාරයෙන් පසු ඇය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවූ වාර්තා අනුව ඇය සාරා බවට නමින් දැනගෙන සිට ඇති බවද අර්ජුන මාහින්කන්ද මහතා හමුවේ මෙම පලුද්ගලයා හෙලි කොට ඇත.

එමෙනම් මෙම කහ පාටට හුරු කැබ් රථයේ ඉදිරිපස රියදුරු අසුනට යාබද අසුනේ කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති අබුබකර් මහතා සිටි බව හදුනාගත් බවද තොරතුරුකරු සදහන් කළේයැයිද කොමිසම හමුවේ මාහින්කන්ද මහතා සදහන් කළේය.

සාරාත් ඇය පසුපසින් පැමිණි පුද්ගලයින් දෙදෙනාත් කැබ් රථයට ගොඩවනු තමා පැති කණ්නාඩියෙන් දුටු බවත් ඔවුන් ගොඩවූයේ කැබ් රථයේ පිටුපස ආසනයට බවත් තොරතුරුකරු සදහන් කළ බවද මාහින්කන්ද මහතා පැවැසීය.
මෙම තොරතුරු සම්බන්ධයෙන් තමන් කොමිසමේ විමර්ශන අංශයේ තමාගේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අම්පාරට එවූ බවද අර්ජුන මාහින්කන්ද මහතා පැවැසීය. එම නිලධාරීන් තමාගේ මග පෙන්වීම යටතේ සාරා නැමැති කාන්තාව කාන්තාවට ඉන්දියාවට පළායාමට සහය දුන් බව කියැවුණු එක් පුද්ගලයෙක්ද, අබුබකර් නැමැති පොලිස් නිලධාරියාවද අත්අඩංගුවට ගත් බව කොමිසම හමුවේ අර්ජුන මාහින්දක්ද මහතා වැඩි සදහන් කළේය. තවදුරටත් සාරා සම්බන්ධයෙන් සහ ඇයට පළායාමට සහය දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්සේ විශේෂ හිරකරුවන්ගේ කුටියට යැවූ ආහාර බඳුනක උල් පිහියක්….

Next Post

වැලිකඩ සිරකරුවන්ට ෆෝන් විකුණූ රැඳවියක් අඟුණකොළපැලැස්සට මාරුකරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.