මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කඳවුරේ ඉකුත් 24 වෙනිදා හමුදා නිලධාරීන් පහර දුන් බවට චෝදනා කරන රැඳවියන් තිදෙනෙකු 25 වෙනිදා පොලොන්නරුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු පහර දුන් බවට චෝදනා කරන රැඳවියන් තිදෙනා අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඒ පිළිබඳව උසාවියට කරුණු වාර්තා කරන ලෙසට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවද වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.
24 වෙනිදා හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු පහරදීමෙන් තුවාල ලැබූ බව පැවසුනු පුනුරුත්ථාපන කඳවුරේ සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, ඉන් එක් රැඳවියෙකු කඳවුරෙන් නිදහස් වී පිටව ගොස් ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
තුවාල ලැබ සිටින අනිත් රැඳෙවියන් තිදෙනා අද ( 25 ) වෙනිදා පොලොන්නරුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ඒ පිළිබඳව හෙට ( 26 ) වෙනිදා වැලිකන්ද පොලිසිය මගින් උසාවියට කරුණු වාර්තා කරන බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක පැහැදිලි කළේය.
තුවාල ලැබූ රැඳවියන් වෙනුවෙන් ගන්නා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් ලබාගැනීමට පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්වත් කරන බවද වැලිකන්ද පොලිසිය කීවේය.
වැලිකන්ද නවසේනපුර තෘතියික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි පුනරුත්ථාපන රැඳවියන් 25 වැනිදා සිදුකරන ලද විරෝධතාවය පිළිබඳ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ, එම් රැඳවියන්ට කෑම, බීම, ඉඳුම්, හිටුම්, නාන, පහසුකම් සියල්ල කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදෙන බවත්, ඔවුන් නගන චෝදනා පදනම් විරහිත බවත්ය. එමෙන්ම මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය අධිකරණමය ක්‍රියාවලියක් බැවින් එම නෛතික පදනමින් පිට රැඳවියන්ගේ ඉල්ලීම පදනම් කරගෙන කිසිම අවස්ථාවක පුද්ගලයෙක් නිදහස් කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.