බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ පොලිස් අත්අංඩගුවේ දී මිය ගිය කාන්තාවට දැඩි ලෙස පහර දී ඇත්තේ  “සුධර්මාගේ නැතිවුන මුද්ද කෙසේ හෝ හොයා දිය යුතු” බවට  කොළඹ පොලිස් ලොක්කක් දුන් ඕඩර් එකක් නිසා!

ලොක්කන් සනහසන්න නීතිය අතට ගත් වැඩලිකඩ පොලිසිය හොඳටම නා ගනී....

by editor
මැයි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය   පොලිස් අත්අඩංගුවේ දී  මිය යෑමට පෙර වැලිකඩ පොලිසිය තුළ අමානුෂික පහරකෑමට ලක්වන්නේ බස්නාහිර පොලිස් ප්‍රධානියෙක් විසින් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත එල්ල කළ පීඩනයක ප්‍රතිඵලයක් ලෙසින් බව පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කරගෙන ඇත.

සිය මුද්දක් නැතිවූ බවත් ඊට තමන්ගේ හිටපු මෙහෙකාරිය පිළිබඳ සැකයක් ඇති බවත් දන්වා පසුගිය 11 දා  සුධර්මා නෙත්තිකුමාර විසින් වැලිකඩ පොලිසියේ පැමිණිලක් සිදුකර පැය කීපයක් ඇතුළත වෙනත් නිවසක ඒ වනවිට සේවය කරමින් සිටි මෙහෙකාර කාන්තාව  වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇයව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන විත් ඇයට අමානුෂික ලෙස පහර දී ඇත්තේ  කෙසේ හෝ  නැතිවුන රන් බඩු සොයා ගත යුතු බවට එම බස්නාහිර පොලිස් ලොක්කා විසින් වැලිකඩ පොලිසියට දැන්වූ පසු බවද හෙළි වි තිබේ.

කෙසේ වෙතත්  මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය ආකාරය පිළිබඳ  පැවති සැකය  නිසා  පොලිස්පති නියමයෙන්  පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය   අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළේය.

සුධර්මා නෙත්තිකුමාරගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය.   මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සුධර්මා නෙත්තිකුමාර මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව සුධර්මාගේ නිවසේ වැඩ කළ නොහැකි බවට පවසා සේවයෙන් ඉවත් වී  බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල  සිදුකර පැය කිපයක් ඇතුළත    වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව නීති විරෝධීව  අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති බවත් එම ප්‍රශ්න කිරිමේ දි  පොලිස් කාන්තාවන් මෙන්ම පිිරිමි පොලිස් නිලධාරීන් ද ඇයට පහරදී ඇති බවත් හෙළි වී තිබේ.

ඇයගේ සැමියා ද ප්‍රකාශයක් කරමින්  මාධ්‍යයට කීවේ   බිරියගේ  මළ සිරුර දකිනවිට නාස්පුඩුවලින් සහ කන් වලින් ලේ ගලමින් තිබෙනු දුටු බවය. කකුලක් දැඩි ලෙස ඉදිමී තිබුණු බව ද හෙතෙම පැවසුවේය.

දැනට හෙලි වී ඇති පරිදි    ප්‍රශ්න කිරීම්  අතර  මෙම කාන්තාවට පොලිසිය තුළ රඳවාගෙන   දැඩි ලෙස පහර දීමෙන්   අනතුරුව  හුස්ම ගැනීමේ අපහසුතාවයක්  ඇති වු බව කියමින් පසුගිය 11 වැනිදා සවස 06ට පමණ දැඩි අසාධ්‍ය තත්ත්වයෙන්    රෝහල් ගත කර තිබේ.

රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව මියගොස් ඇත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දී ඇත. ඇයට මින් පෙර කිසිම අවස්ථාවක සොරකම් කිරීම පිළිබඳ චෝදනා ගොනු වී නොතිබුණ බවද  විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ.

පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ග්‍රහ අපල දුරු කරන්න 13 හැවිරිදි දරුවෙකුගේ අත්ල මත කපුරු දවා බරපතල ලෙස පිලිස්සු භික්ෂුවක් අත්අඩංගුවට…

Next Post

ආර්ථිකය ස්ථාවර වූ පසු මූල්‍ය සහන ගැන සලකා බලන්නම්… විශ්විද්‍යාල ආචාර්යවරුන් හමුවේ දි ජනපති දන්වයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.