දිනසේන රතුගමගේ –
කොළඹ වැල්ලවත්තේ සිට යාපනයට පැමිණීමෙන් පසුව කොරෝනා රෝගය වැළදී සැඟවී සිටි ව්‍යාපාරික පවුලක හය දෙනෙකු සෞඛ්‍ය නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පොලීසියට බාර දුන් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීස්වරන් මහතා 1 දා පැවසීය.
මෙම පවුල වැල්ලවත්ත ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වා ගෙන යන අතර ඔවුන් එය වසා දමා යාපනයට පැමිණ ලැගුම් ගෙන සිටියදී ඔවුන් සම්බන්ධයෙන් කළ පී.සී.ආර්.පරීක්ෂණයෙදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට හදුණා ගෙන තිබේ.
පොලීසියට බාර දුන් මේ පිරිසගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ ඔවුන් පසුගිය 25 දා කොළඹ සිට යාපනයට පැමිණ ඇති බවය.
ඔවුන් ආශ්‍රය කරණ ලද පුද්ගලයින් පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යන අතර කොරෝනා ආසාධිතයින් ප්‍රතිකාර සදහා යොමු කොට තිබේ.