වැන්ගර් කුලී හමුදාව රුසියානු මිල්ටරි පාලනයට එරෙහිව දියත් කළ කැරැල්ල නිමා කළේය.
වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කළේ “රුසියාවේ සිදුවීමට නියමිත බිහිසුණු ලේ වැගිරීම” වළක්වා ගැනීම සඳහා මොස්කව් වෙත ඔවුන්ගේ ගමන නවත්වන ලෙස තම කුලී හේවායන්ට නියෝග කළ බවය.
ප්‍රිගොෂින්ට අනුව ඔහුගේ හමුදාව ඒ වනවිට මොස්කව් සිට කිලෝ මීටර 200ක් පමණ ආසන්නයට ලඟා වී තිබිණි. ඔහු හමුදාව ආපසු හරවා ගන්නේ ඒ තීරණාත්මක මොහොතේ දීය.
“අපි අපේ යුධ ටැංකි හරවා නැවත ක්ෂේත්‍ර කඳවුරු වෙත ගමන් කරමින් සිටිමු,” ශ්‍රව්‍ය පණිවඩියක් මගින් ප්‍රිගොෂින් දැනුම් දුන්නේය. එම පණිවිඩය ලබා දෙමින් ප්‍රිගොෂින් ප්‍රකාශ කළේ බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් වැන්ගර්ගේ හමුදාවේ ගමන නැවැත්වීම සඳහා ඔහු සමග සාකච්ඡා කළ බවය.
වැග්නර් කණ්ඩායමේ ඉදිරි ගමන නැවැත්වීමට සහ ඔවුන් පෙළන ප්‍රශ්න විසඳාගැනීමට ඉදිරි පියවර ගැනීමට ලුකෂෙන්කෝගේ යෝජනාව වැන්ගර් ප්‍රධානියා පිළිගෙන තිබේ.
යෝජිත බේරුම්කරණයේ දී වැග්නර් හමුදා සඳහා ආරක්ෂක සහතික අඩංගු බව ලුකෂෙන්කෝගේ කාර්යාලය පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළත් ඒ පිළිබඳ වැඩි විස්තර නොමැති බව සඳහන් කර ඇත.
ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු නෙරපා හැරීමට තමන් කළ ඉල්ලීමට ක්‍රෙම්ලිනය ප්‍රතිචාර දැක්වූයේ දැයි වාග්නර්ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් ප්‍රකාශ කර නැත.
ක්‍රෙම්ලිනය වෙතින් ක්ෂණික ප්‍රකාශයක් ද නොමැත.
මීට පැය 24කට පෙර කැරලිකාර රුසියානු කුලී හේවායන් එක රැයකින් රුසියානු දකුණු නගරයක් අල්ලා ගැනීමෙන් පසු මොස්කව් දෙසට ගමන් කළේය.
රුසියාවේ මිලිටරිය ඔවුන්ට ගුවනින් වෙඩි තැබූ නමුත් ඔවුන්ගේ ඉදිරි ගමන මන්දගාමී කිරීමට එම ප්‍රහාරය සමත් වූයේ නැත.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසුවේ වැග්නර් කණ්ඩායම විසින් “සන්නද්ධ කැරැල්ලක්” ඇති කිරීම රාජද්‍රෝහී ක්‍රියාවක් බවය.
ඔවුන්ට එරෙහිව “තීරණාත්මක ක්‍රියාමාර්ගයක්” ගන්නා බවත් පූටින් පැවසුවේය.