කීර්ති ප්‍රනාන්දු
විදුලි බිල වැඩි කිරීමක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසයි .
මේ වන විට බේකරි වල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි පවසන සභාපතිවරයා නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්ත කරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බව ද පැවසීය .
මේ වන විටත් බේකරි කර්මාන්තය ට අවශ්‍ය පාන් පිටි ,බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාමත් ,ඉන්ධන සහ විදුලි බිල වැඩි වීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වී ඇතැයිද ඔහු කියා සිටී .
මෙම තත්ත්වය මත යම් හෙයකින් විදුලි බිල ද නැවත වැඩි කිරීමක් සිදුකළ හොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳ වැටීමට හේතු විය හැකි බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය