දැඩි ආර්ථික අර්බුදයකට හා දේශපාලන අස්ථාවරත්වයකට මුහුණ පා සිටි පාකිස්ථානය මේ වන විට ඇණහිට ඇති ඩොලර් බිලියන 6ක ණය මුදලක් ලබා ගැනීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටියි.
ඒ වෙනුවෙන් 2023 – 24 සඳහා වන අයවැයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත් කරන අන්දමේ ප්‍රතිසංස්කරණ හා ආසන්න මැතිවරණයකදී ඡන්දදායකයින් දිනා ගැනීමේ සම්මුතියක් ඇති කර ගැනීමට ද ආණ්ඩුව උත්සාහ කරන බව ‘ Dawn‘ ඉංග්‍රීසි භාෂා පුවත්පත වාර්තා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට තවමත් නිකුත් කිරීමට නියමිත දළ වශයෙන් ඩොලර් බිලියන 2.5ක් වන ණය මුදල් වැඩසටහන මේ මාසයේදී අවසන් වීමට නියමිතය. ඉස්ලාමාබාදය, මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවකට එළඹීමට අපොහොසත් වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ වාර්තාගත උද්ධමනය, මූල්‍ය අසමතුලිතතාවයන් හා අඩු සංචිතවලින් පීඩා විඳීමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල නොමැතිව පාකිස්ථානයට ඉදිරි මූල්‍ය වර්ෂයේ පැවැත්ම ඉතා අපහසු වනු ඇති බැවින් රජය අයිඑම්එෆ් නිර්දේශයන්ට අනුකූලව අයවැයක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව හිටපු මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පවසා තිබේ.