බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාලච්චේන කම්හලේ ටොන් 30ක ප්‍රථම කඩදාසි තොගය ජුලි 30 වැනිදා අලෙවියට

by Lanka Sara Editor
ජූලි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වාලච්චේන කඩදාසි කම්හලේ ලබන 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පවසයි.

ජූලි 30 වැනිදා කොළඹ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටොන් තිහක ප්‍රථම කඩදාසි තොගය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

විෂයභාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂක මණ්ඩලය මේ වසරේ ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ බව ඔහු සිහිපත් කළේය.

වාලච්චේන කඩදාසි කම්හලේ 2010 සිට මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය අක්‍රියව පැවැති බවත් 2015 දී බෝඞ් වර්ග නිපදවන යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා අවසන දී මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබූ බව ද සිහිපත් කර සිටියේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහෙයින් එසේ ඈවර කර තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි යථාවත් කිරීමට වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පළමුව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ බවත් එසේ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන් ඇමතිවරයා දෙවන කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 800ක ණය මුදලක් ලබා ගෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනීමට හා වාලච්චේන කම්හල් පරිශ්‍රයේ අක්කර 330ක භූමිභාගය ඵලදායක ලෙස යොදා ගනිමින් සෝලා පැනල ව්‍යාපෘතියක් ඇතුළු බහුවිද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ කටයුතු සිදු වෙමින් පවතිද්දී වාලච්චේන කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පිළිසකර කර කර්මාන්ත පරිශ්‍රයට යළි ජලය හා විදුලිය ලබා ගෙන 2015 දී අක්‍රිය වූ බෝඞ් නිපදවන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම පණ ගන්වා, පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන සිදුකොට අවසන් බවත් ජුලි 30 වැනිදා සිට කොරුගේටඞ් පෙට්ටි සෑදීම සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් ලයිනර් කඩදාසි (80-120 ජීඑස්එම්), මුද්‍රණ කර්මාන්තයේ පොත් බැඳීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් බෝඞ් (210-220 ජීඑස්එම්) හා බි්‍රස්ටල් බෝඞ් වර්ග (180 – 200 ජීඑස්එම්) නිපදවීම අරඹන බවත් විමල් රූපසිංහ මහතා පැවසීය.

ඉදිරියේ දී නව යන්ත්‍ර සූත්‍ර ද යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසි වර්ග හා බෝඞ් වර්ග නිපදවා මෙරට කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා පෙරහර නැරඹීමට ජනතාවට විවෘතවන ලකුණු

Next Post

“ගෝඨාභයට ලැබුණු ඡන්ද ලක්ෂ 58ක් ගෙනාවේ මහින්ද.. ගෝඨාභය රැස් කළේ ඡන්ද ලක්ෂ 8යි”

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.