රෝහල් වාට්ටුවල ඇඳන් මත මියයන බහුතරයක් රෝගීන් ඔක්සිජන් නොමැති කමින් මිය යන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න පවසයි.
ඇය මේ බව පැවසුවේ ඊයේ (16) සවස මාතලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රෝගින්ගේ ජීවිත රැකගැනිම පිණිස ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලට රජය වැඩි අවධානයක් යොමු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙයි.
රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙම ගැටලුවට හමුදාපතිවරයාට පමණක් විසඳුම් ගත නොහැකි බව අවබෝධ කරගත යුතු බව කී මන්ත්‍රිවරිය රටෙ ජනතාවගේ ජීවිතපිළිබදව තීරණ ගැනීමට සෞඛ්‍ය අංශ වෙත බලය ලබා දිය යුතු බව කියයි. ඔක්සිජන් අවශ්‍ය මට්ටමේ ඇති රෝගීන් මරණයෙන් ගලවා ගැනීමටනම් රජය දැන්වත් ඍජු වැඩපිළිවෙලකට යා යුතු බව ඇය පෙන්වා දෙයි.