දිනසේන රතුගමගේ –
කුඩා කම්හලක රථ වාහන සඳහා ව්‍යාජ අංක තහඩු නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ දී ඊයේ ( 19 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් පුදුකුඩීඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ පදිංචි මොහුගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වටලා පරීක්ෂා කිරීමේදී ඔහු විසින් ව්‍යාජ ලෙස සකසන ලද වාහන අංක තහඩු හා ඒ සඳහා යොදා ගන්නා ලද රාජ්‍ය ලාංඡන ඇතුලු භාණ්ඩ රැසක් අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල සැකකරුව මුලතිව් පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.