ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ලක්ෂ 35ක නාමික වටිනාකමකින් යුතු පන්දහසේ නෝට්ටු 700ක් සහිත මුදල් තොගයක් අත් අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ.
මුලතිව් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (09) සිදුකළ මෙම වැටලීමේ දී කඩදාසි මත මුද්‍රණය කළ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග 41 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වී ඇත.
නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.